අපේ කලා ලෝකයේ ඉන්න දැවැන්තම කළා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ, ප්‍රියසාද් පවුලේ හැමෝම කලාව තුල ගොඩක් ජනප්‍රියයි, ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ප්‍රියසාද් පවුලේ ඉන්න අහිංසකම වගේම වැඩි කතාබහක් නැති සුරූපිනිය තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ, කාලයක් ශේෂාද්‍රි ප්‍රියසාද්ගැන සමාජ ජාලාවල විශාල කතාබහක් ඇතිවුනා එයට හේතුව තමයි ඇය ඇයගේ පලවෙනි විවාහයට සමුදීම, කොහොම වුනත් අපි හැමෝම ආදරේ කරන ශේෂාද්‍රි ඇයගේ දෙවෙන සැමියා සමග ගොඩක් සුන්දර ජීවිතයක් ගත කරනවා ඒ වගේම මේ වනවිට ඇය ආදරණීය මවක්. ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන ශේෂාද්‍රි ප්‍රියසාද් සමග,
ශේෂාද්‍රි ඔබගේ විවාහය වුනේ හරිම සලර විදියට නේද..? ”මට කොහොමත් ඕන වුනේ විවාහ උත්සවය පොඩියට ගන්න, ලොකු වෙඩින් එකක් ගන්න අපි දෙන්නම කැමති වුනේ නෑ, මට ඕන වුනේ පල්ලියක කතෝලික ක්‍රමයට විවාහ වෙන්න, හැබැයි විවාහ වෙන්න හිටපු දවස එක පාරම වෙනස් වුනා, එක දවසකින් වෙනස් වුනේ ඒත් ඉතින් කලබලෙන් තමයි අපි විවාහ වුනේ, මට ඕන වුනේ අපේ පවුල් දෙකේම සමීපම අය විතරක් වෙඩින් එකට එනවා දකින්නන, ඇත්තටම ක්‍රිශානුයි මමයි වැඩියෙන්ම ප්ලෑන් කලේ විවාහය නෙවෙයි විවාහයෙන් පස්සේ අපේ ජීවිතේ ගැන, අපි අතර ඒ කාලේ ඉඳන්ම හොඳ අවබෝදයක් තිබ්බ”
ඇත්තටම කොහොමද ක්‍රිෂාන් එක්ක ආදරෙන් බැඳෙන්නේ ”එහෙම කියන්න තරම් ලොකු කතාවක් නෑ ක්‍රිෂාන් කියන්නේ මගේ අක්කා දිනක්ෂි ප්‍රියසාද් ගේ ගොඩක් හොඳ යාලුවෙක්, ඒ වගේම එයාගේ පරණම යාලුවෙක්, 2010දී අක්කයි මමයි ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කළා, එකටත් ක්‍රිෂාන් ආවා, හැබැයි ඒ වැඩසටහනෙන් පස්සේ අපි වැඩිය කතා කලේ නෑ, මගේ කලින් විවාහයේ ප්‍රශ්න ටිකක් උනාට පස්සේ දිනක්ෂි අක්කා තමයි කිවුවේ නැඟී ක්‍රිෂාන් එක්ක ටිකක් කතා කරලා බලන්න කියල, මොකද ඒ කාලය වෙද්දී ක්‍රිශානුත් මම වගේ ජීවිතේ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීලා හිටියේ,
අක්කි කිවුවේ මට නිකන් කතා කරලා බලන්න කියලා, අපි දෙන්නා විවාහ වෙයි කියලා නෙවෙයි එයා එහෙම කියලා තියෙන්නේ, අපි දෙන්නටම ජීවිතේ එකහා සම්බන්ද අත්දැකීම් තියෙනවා කියලා දැනගත්ත නිසා වෙන්න ඇති අක්කා එහෙම කියන්න ඇත්තේ, ඉතින් මම ක්‍රිෂාන් එක්ක කතා කළා,එතකොට මටම තේරුනා එයාට ජීවිතේ ගැනහොඳ අවබෝදයක් තියෙනවා කියලා, ඉතින් මට හිතුනා එයා තමයි මට ගැලපෙන කෙනා කියලා, ඉතින් මම එයාට කැමති වුනා, පවුල් දෙකෙන්ම අපිට ආශිර්වාධ කළා”
අද ඔබ ගෙවන ජීවිතේ ගැන මොකද කියන්න තියෙන්නේ..? ”අපි හැමෝටම මොකක් හරි එක තැනක ජීවිතේ වරදිනවා, එහෙමයි කියලා ඒ මත්තෙම ජීවිතේ පවත්වාගෙන යන්න ඕන නෑ, දෙවියන් අපෙන් දෙයක් ගන්නේ ඊටවඩා හොඳ දෙයක් දෙන්න, ඉතින් අද මට ගොඩක් හොඳ දෙයක් ලැබිලා තියෙනවා, ආයෙමත් මම මගේ ජීවිතේ ක්‍රිෂාන් එක්ක විඳිනවා, ඒ වගේම අඩන අපි දෙමාපියන් වෙලා, ඉතින් අපේ ආදරේ තවත් වැඩි වෙලා, ඉතින් අපි ගොඩක් සතුටින් ආදරෙන් විඳිනවා”