සුජානි මේනකා කියන්නේ රංගන ශිල්පිනියක විදියට ලංකාවේ හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක්, ඉතින් මේ වගේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න සුජානි විවාහ වෙලා ඉන්නේ ලංකාවේ ඉන්න දක්ෂ වගේම දැවැන්ත රංගන ශිල්පියෙක් වන බිමල් ජයකොඩි සමග, කාලෙන් කාලෙට විවිද චරිත හරහා ඔබෙත් මගෙත් සිත් සොරාගත් සුනානි මේනකා සමගයි අද අපේ කතාබහ.
සුජානි කියන්නේ කවදාවත් වයසට යන්නනේ නැති රංගන ශිල්පිනියක් කියලයි ඔයාගේ රසිකයින් කියන්නේ, ඇත්තටම සුජානි සමේ පැහැය ආරක්ෂා කරගන්න මොනවද කරන්නේ..? ”ගෙදර ඉන්න වෙලාවටනම් මම මොනවත් කරන්නේ නෑ, ඒත් මම මහගෙදර ගියාම පුංචිලා නංගිලා මට එක එක පැක් හදලා දෙනවා ඇඟේ ගාන්න, කහ, සුදු හඳුන්, වෙනිවැල් ගැට, කොකුම් පොතු වගේ දේවල් තමයි ඒ පැක් වලට දාන්නේ, ආයේ ගස්ලබු යෝගට් කහ එකට දාලා පැක් හදලා දෙනවා, ඒ අයම ඒවා ගැනවත් එක්ක, හරිම විනෝදයි කට්ටියත් එක්ක එකතුවෙලා ඒවා කරද්දී.
ඊට අමතව මම දවසට ගොඩක් ක්‍රීම් වර්ග ගාන්න පුරුදු වෙච්ච කෙනෙක් නෙවෙයි, හැබැයි මම මගේ ශරීරය පිරිසිදු කලාට පස්සේ ඉතාම හොඳ තත්ත්වයේ තෙතමනය සහිත මොයිචර්රයිසරයක් භාවිතා කරනවා. ඊට අමතරව සන් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා, ඊට අමතරව ඉතින් ශරීරයේ හැඩය ගැන සැලකිලිමත් වෙනවා, කෑමෙන් බීමෙන් එහෙමත් මම ගොඩක් පරිස්සම් එච්චරයි වෙන මොනවත් කරන්නේ නෑ”.
සුජානි කියන්නේ නිතරම සතුටුන් ඉන්න කෙනෙක්, ඉතින් මෙහෙම සතුටින් ඉන්න මොනවද කරන්නේ ”පුංචිම පුංචි දෙයක් විතරයි කරන්න තියෙන්නේ, මම උදේ නැගිට්ට ගමන් කරන්නේ පුළුවන් තරම් අද දවස සුබයි කියලා හිතනවා, ඉතින් ඒ දවස කොච්චර කටුක උනත් මිහිරි දවසක් වගේ හිනාවෙලා ඉන්න පුළුවන්, සමහර වෙලාවට දුක හිතෙනවා සතුට ඈතට යනවා ඒ වෙලාවට මම සතුටු වෙන්න පුළුවන් විදියේ එක එක උපක්‍රම යොදනවා, මොකද දුකෙන් ඉද්දී ලෙඩ වැඩයි වගේම ලස්සන නැතිවෙනවා”.
සුජානි කාලයක් පෙන්නම හිටියේ නෑ, ඇයි ඒ ”මම කාලයක් එකදිගට වැඩ කළා, ඉතින් මට ඕන වුනා පොඩි විවේකයක් ගන්න, මොකද හිතේ තියෙන ප්‍රශ්න වලට වගේම මහන්සි නිසයි මම එහෙම තීරණයක් ගත්තේ, බිමලුත් කිවුවා ටික කාලයක් නිවාඩු ගන්න කියලා, එයත් ඒ වෙනුවෙන් මට ගොඩක් උදවු කළා, හැබැයි මම කළා ලෝකයේ පෙන්න නැතිවෙලා බිමල් විතරක් පෙන්න ඉද්දී ගොඩක් අය අහලා තිබ්බා සුජානි පවුල කඩාගෙනද කියලා, සාමාන්‍යයෙන් කළාකරුවන් ඉක්මනට දික්කසාද වෙන නිසා එහෙම අහන්න ඇති අපි දෙන්නා වැඩිය ඒවා ගණන්ගන්නේ නෑ”.