අපේ කළා ලෝකයේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් කැපී පෙනෙන රංගන ශිල්පිනියක් තමයි උදාරි කෞශල්‍යා කියන්නේ, කාලයක් කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු උදාරි දැන්නම් වැඩිය පෙන්න නෑ, උදාරි ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් ඉන්නවා, ඒ තමයි ලංකාවේ ජනප්‍රිය නළුවෙක් වන සංගීත් සතරසිංහ, මේ දවස්වල දිනිති වල්ගමගේ ආදරෙන් බැඳිලා ඉන්න සංගීත් මුලින්ම විවාහ වෙලා හිටියේ උදාරි කෞශල්‍යා සමග, කොහොම වුනාට මීට වසර කිහිපයකට කලින් සංගීත් සහ උදාරි විවාහයෙන් වෙන් වෙනවා, ඉතින් අද අපේ කතා නායිකාව තමයි උදාරි කෞශල්‍යා.
උදාරි දැන් වැඩිය රඟපාන්නේ නෑ නේද, මොකද දැන් ඔයාට ආරාධනා ලැබෙන්නේ නැද්ද රංගනයට ”ආරාධනා නම් ලැබෙනවා ඒත් ඒ පිටපත් කියවලා ඉවර උනාම. මට තේරෙනවා ඒ නිර්මාණ වල ලොකු හරයක් නෑ කියලා, අපි හරයක් නැති නිර්මාණ වලට රංගන දායකත්වය දුන්නම අපේ රංගනයේ තියෙන වටිනාකම නැතිවෙනවා, අනිත් කාරනාව මම මේ වනවිට මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා ඒ වැඩත් එක්ක වෙන දේවල් වලට කාලය වැය කරන්න අමාරුයි,”
ඔබේ පලවෙනි විවාහයෙන් වෙන් වුනාට පස්සේ දැන් ඔබ ආයෙමත් පෙම්වතියක් කියලා දැනගන්න ලැබුනා කියන්නකෝ බලන්න ඒ ගැන විස්තර ටිකක්..? ”එයා රංගන ක්ෂේත්රයේ කෙනෙක් නෙවෙයි, ඒ වගේම එයා මේ වෙද්දී අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරගෙන යනවා, අපි බොහෝ දුරට දැම්ම විවාහ වෙන එකක් නෑ, අපි දැනට ගොඩක් ආදරෙන් ඉන්නවා, එයා මගේ වැඩවලට නීති දාන කෙනෙක් නෙවෙයි, මගේ දියුණුවට මම කරන හොඳ දේවල්වලට ඔහු උදව් කරනව”
නිලියක් දික්කසාද වුනාම සමාජයේ අය විවිද කතා කියනවා නේද..? ”ඔව් ඒ දේවල් මම ගණන් ගන්නේ නෑ, මම පන වගේ ආදරේ කළා, හැබැයි ඒ දේවල් සිදුවුනේ කොහොමද කියලවත් තාම කවුරුවත් හරියට දන්නේ නෑ, ඇත්තම කතාව මම කිසිම තැනක කියලත් නෑ, දැන් මට පරණ දේවල් හිතේ තියාගෙන දුක් වෙන්න ඕන නෑ, මම දැන් සතුටින් ඉන්නේ, විවාහයක් උනාම විශ්වාසය වගේම අවංක වෙන්න ඕන, නැත්තන් ඒක බිඳුන විවාහයක්, මිනිස්සු සැබෑ ජීවිතයේ පවුල පිටින් රඟපානවා වෙස්මුහුණු දාගෙන. ඇත්තම කියනවනම් මගේ විවාහයේ මට හොඳ රැකවරණයක් ඒ වගේම හොඳ ආදරයක් ලැබුනේ නෑ, ඒයා මගේ ජීවිතේ බිමට ඇදලා දැම්මා, හැබැයි මම ඇදලා දාපු පාර ලොකු පිම්මක් අරන් නැගිට්ටා, ඒ වගේම දැන් මම මගේ අනාගත හදාගන්නවා,”
ඉතින් මේ වනවිට ඔබත් මමත් අපි හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න උදාරි හරි අපූරු සටහනක් ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බා ඒ තමයි “අන් අය මත යැපීමට පෙර ඔබ මතම යැපෙන්න, මන්ද අන් අයට ඔබව පහත් කළ හැකි නමුත් ඔබට ඔබව ගොඩ ගත හැකිය (Depend on yourself before depending on others, because others can let u down but you can pick yourself up)” කියලා, ඉතින් උදාරිගේ මේ කතාව ගැන ඔබට හිතෙන දේ අපිට කියන්න,