ටීවී දෙරණ කියන්නේ කළා ලෝකයට අලුත් චරිත එකතු කරන වගේම කළා ලෝකයේ ඉන්න චරිතවල ජනප්‍රියත්වය තවත් වැඩි කරන රුපවාහිනී නාලිකාවක්, ඉතින් ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත වගේම හැමෝගෙම කතාබහට ලක්වුණ චරිතයක් තමයි සොනාලි ටීචර් කියන්නේ, කොහොම වුනත් සොනාලි ටීච දැන්නම් දෙවෙනි ඉනිම නාට්‍යයෙන් වැඩිය දකින්න ලැබෙන්නේ නෑ, ඉතින් මේ හැමෝම ආදරේ කරන සොනාලි ටීචගේ චරිතයට පන පෙව්වේ දක්ෂ රංගන ශිල්පිනියක වන හිමායා බණ්ඩාර විසින්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරපු සොනාලි ටීච එහෙමත් නැත්නම් හිමායා බණ්ඩාර සමග.
ඉතින් හිමායා කොහොමද ජීවිතේ මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල නිර්මාණ කිහිපයකට සම්බන්ද වුනා, ඒ වගේම දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් කිහිපයකට ආයෙමත් රංගන දායකත්වය ලබා දුන්නා, ලැබුන පිටපත් කිහිපයක් තියෙනවා ඒවා බලන්නත් ඕන, ඔය වගේ වැඩ ටිකක් තමයි තියෙන්නේ, ඒ හැරෙන්න ගොඩක් සතුටින් සුවෙන් ඉන්නවා,”
හිමායට ජීවිතේ සමහර සිදුවීම් අමතක කරන්න අවස්තාවක් ලැබුනොත් ඔයා මොනවද අමතක කරන්නේ, ”ඇත්තම කියනවනම් මගේ ජීවිතේ මුණගැහුන සමහර මිනිස්සු පස්සේ කාලේ හරිම නරක විදියට දරුණු වුනා, මම හරිම ඉක්මනට මිනිස්සුන්ට රැවටෙනවා, මේ වෙනකන් මම ගොඩක් මිනිස්සුන්ට රැවටිලා තියෙනවා, වචනයක් දෙකක් ආදරෙන් කතා කලාම මෙයානම් අනේ හරිම හොඳයි කියලා යාළුවො විදියට ආශ්‍රය කරන්න පටන් ගන්නවා, සමහර වෙලාවට මම ඇඳන් ඉන්න ඇඳුම් පවා ගලවලා දීලා තියෙනවා, මට කන්න නැතත් සමහර අයට කන්න උයලා දීලා තියෙනවා, හැබැයි ඒ අය පස්සේ මට සැලකුවේ හරිම නරක විදියට, ඉතින් මට අවස්තාවක් ලැබුනොත් ඒ අය සේරම අමතක කරලා දානවා”
මේ වෙද්දී ජනප්‍රිය රංගන ශිල්පිනියක් කිහිපයක්ම දේශපාලනයට සම්බන්ද වෙලා තියෙනවා ඉතින් හිමායා ආස නැද්ද දේශපාලනයට සම්බන්ද වෙන්න. ”අම්මෝ මගේ දූවිල්ලක්වත් දේශපාලනයට සම්බන්ද වෙන්නේ නෑ, මම විශ්වාස කරන දෙයක් තියෙනවා මිනිස්සුන්ට උදවු කරන්න දේශපාලනේට යන්න ඕන නෑ, අපි නිලියෝ උනාට ලොකුවට සල්ලි හම්බකරලා නෑ, හැබැයි අපි අපිට පුළුවන් විදියට උදවු කරනවා මට එහෙම මිනිස්සුන්ට උදවු කලාම ඇති”