එයා මගේ අවුරුදු විසි තුනක ආදරේ – බිරිඳ තුරුල් කරන රොමේෂ් කියන කතාව

අපේ ගායකයන් ගැන කතා කරද්දී කතා නොකරම බැරි ධක්ෂ ගායකයෙක් තමයි රොමේෂ් සුගතපාල කියන්නේ. ඔහුගේ ගීත වලට එකතු වෙන පිරිස ‌බොහෝ ප්‍රමාණයකි. තරුණ පිරිස අතර මෙම ගීත ඉතාමත් ආදරණීය ලෙස ඉතින් කාලෙකින් අලුත් නිර්මාණයක් හරහා දකින්න නොලැඹුන රොමේෂ් සමගයි අද අපේ කතාබහ, ඉතින් රොමේෂ් කොහොමද මේ වදවස්වල සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු” මේ දවස්වලනම් ඉතාම කාර්ය බහුලයි, පහුගිය කාලයේ බාරගත්ත ප්‍රසංග කිහිපයක්ම තිබ්බා, කණ්ඩායමේ ඉන්න හැමෝම ගොඩක් දක්ෂයි ඉතින් ප්‍රක්ටිස් සහ ෂෝ නිසා ගොඩක් කාර්යබහුලයි”

ගායකයෙක් විදියට රොමේෂ් ඔබ අද යම් ස්ථාවරයක ඉන්නවා, ඉතින් නුවර ඉඳන් කොළඹ ඇවිත් මෙතෙක් කල් ගෙවුන කාලය ගැන ආයෙමත් මතක් කලොත්, ”මම නුවර ඉඳන් කොළඹ ආවේ හරිම අමාරුවෙන් හැබැයි මගේ අරමුණ හරිම සුන්දරයි, ඒ ආව ගමනේදී මට මොනවා වුනත් මට ඒක දැනුනේ නෑ මොකද මට ඕන වුනේ මගේ හීනය සැබෑ කරගන්න, නුවර ඉඳන් ආපු බස් කොච්චි ගමන් නම් හරිම දුක්ඛිතයි.එහෙම ඇවිත් කොළඹ ස්ටුඩියෝවලට ගියපු ගමන ජීවිතේට අමතක වෙන්නේ නෑ,

ඒ කාලේ මට ආර්ථික අපහසුතා එමටයි, අපේ සින්දු ජනප්‍රිය වුනාට අපි ජනප්‍රිය නැහැ, දවසක් පත්තරේකට ආටිකල් එකක් දාන්න අපිට පොටෝ එකක් ගන්න තැනක් තිබ්බේ නෑ, මට හොඳට මතකයි අපි ඒ පින්තුරය ගත්තේ හිටපු ගෙදර වහලේ උදටට නැගලා, තාම ඒ පත්තර පිටුව මගේ ළඟ තියෙනවා”

බිරිඳ සහ දරුවන් සමග ගතකරන ජීවිතය ගැනත් කියන්නකෝ විස්තර ටිකක්, ”අද මගේ ජීවිතේ හරිම කාර්‍යබහුල වෙලා තියෙන්නේ, ඒත් බිරිඳක් වශයෙන් ඇයගෙන් මට ලැබෙන සහයෝගය වචනයෙන් විස්තර කරන්න බෑ, එයා මගේ අවුරුදු විසි තුනක ආදරේ, අපි දැන් විවාහ වෙලා අවුරුදු 10කටත් වැඩියි, එයාගේ නම ඔමාලි හේරත්, අපිට දැන් පුතෙක් ඉන්නවා, එයා හරිම කීකරු අහිංසක දරුවෙක්, ඒ වගේම එයා සංගීතයටත් ගොඩක් දක්ෂයි, මම අද මගේ ආදරණීය බිරිඳ සහ දරුවන් එකක ආදරණීය ජීවිතයක් ගතකරනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *