ගායන ශිල්පිනියක ලෙස හැමෝගෙම ආදරේ දිනාගන්න සමතුවුන ගායිකාවක් තමයි උපේකා නිර්මානි කියන්නේ, ඒ වගේම ලංකාවේ මේ වනවිට ජනප්‍රියම කාන්තා සංගීත කණ්ඩායමවන කොච්චි සංගීත කණ්ඩායමේ නායිකාව වන්නේත් ඇයයි. පසුගිය කාලයේ එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් අතර යම් කිසි හැල හැප්පීමක් සිදුවුණා. නමුත් මේ වන විට නැවත එම කරුණු කාරණා විසඳා ගනිමින් නවක සාමාජික පිරිසක් සමගින් නැවත මෙම කණ්ඩායම අලුත් වෙමින් නවක ගමනක් ආරම්භ කර තිබෙනවා. ඉතින් අද අපේ කතාබහ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න උපේකා නිර්මානි සමග, උපේකා කියන්නේ දැන් ආදරණීය මවක් ඉතින් දැන් කොහොමද පුතා එක්ක ගෙවෙන ජීවිතේ ”අම්මෝ ඒ ජීවිතෙනම් හරිම සුන්දරයි, මොකද පුංචි උනාට අපේ පොඩ්ඩා දඟ මල්ලක්, හැබැයි එයා හරිම අහිංසකයි, අපි පොඩ්ඩක් සැර කලත් එයාට ගොඩක් දුක හිතෙනවා, ඒ වගේම තමයි අපි විහිලුවට තරහයි කිවුවොත් එයා ඉක්මනට අපිව යාළුකරගන්න එක එක ඒවා කරනවා, පස්සෙන් ඇවිත් මට තුරුල් වෙනවා එයා හරිම සංවේදී දරුවෙක්”
පුතා මුලින්ම කිවුවේ අම්මා කියලද තාත්තා කියලද..? ”එයා ඒ වචන දෙකම කියන්නේ නෑ, මොකද එයා මට කියන්නේ මමී කියලා, තිලිණට කියන්නේ ඩැඩී කියලා, එහෙම කියන්නේ අපි උගන්නලා නෙවෙයි පුංචි කාලේ ඉඳන්ම පුතා කිවුවේ එහෙමයි, ගෙදර අපි කතා කරන්නේ සිංහලෙන්, හැබැයි පුතා පිට කියන්නේ මමී, ඩැඩී කියලා, එහෙම කියන්න එපා කියලා කොච්චර කියලා දුන්නත් එයා කතා කරන්නෙම එහෙමයි, ඉතින් අපිත් දැන් මොකවත් කියන්නේ නෑ”
දරුවා නිසා උපේකාගේ හිත කලබල වුණු සිදුවීම් එහෙම නැද්ද ”අම්මෝ ඇයි නැත්තේ ඕන තරම් තියෙනවා, අපේ ගෙදර තියෙන්නේ පාර ළඟමයි ඉතින් දවසක් ගේට් එක ඇරලා තියෙද්දී එකපාරම පුතා දුවගෙන ගිහින් පාර පැන්නා, අපි හැමෝම හිටියේ මිදුලේ, එයා හිතන්න ඇති අපි එයාගේ පස්සෙන් ඒවි කියලා, එයා දුවපු දිවිල්ලට පාරෙන් එහා පැත්තටම ගිහින් තමයි නතර වුනේ, අම්මෝ ඒක දැක්ක පාර මගේ ඇඟට පන නැතුව ගියා, හොඳ වෙලාවට පාරේ වෙන වාහන තිබ්බේ නෑ”