දන්නේ නැතුව අපි නාලා තියෙන්නේ මීහරක් නාන වලකින් – සුරඟනක් වගේ හැඩ මාෂි සිරිවර්ධන

කළා ලෝකයට පායපු සඳක් තමයි මාෂි සිරිවර්ධන කියන්නේ, හැබැයි කළා ලෝකයට මේ සඳ පායන්නේ ගොඩක් කලාතුරකින්, නිතර නිතර දකින්න පුළුවන් රංගන ශිල්පිනියක් නෙවෙයි මාෂි කියන්නේ, හැබැයි මාෂි රංගනයෙන් දායකවෙන නිර්මාණ හැම එකක්ම වගේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙනවා, ඇයගේ සුන්දරත්වයත් එයට බලපානවා කියලයි මාශිට ආදරේ කරන ඇයගේ ප්‍රේක්ෂකයන් කියන්නේ, හැමෝම හඳුනන්නේ මාෂි සිරිවර්ධන කියලා වුනත් ඇයගේ සැබෑ නම ඉමාෂා හර්ෂනී සිරිවර්ධනයි, මාෂි විවාහ වෙලා ඉන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන පුබුදු චතුරංග සමග, ඉතින් අපි අද අපේ කතා බහට තෝරාගත්තේ මාෂි සිරිවර්ධන නොහොත් ඉමාෂා හර්ෂනී සිරිවර්ධනයි,

ඉතින් මාෂි දැන් වැඩිය පෙන්න නැත්තේ රංගනට අලුතෙන් ආරාධනා ලැබෙන්නේ නැද්ද..? ”නැහැ ආරාධනා ලැබෙනවා, හැබයි මට ආරාධනා ලැබෙන්නෙම ටෙලිනාට්‍ය වලට, ෆිල්ම් දෙකතුනකටම ආරාධනා ලැබුනා ඒවගේ පිටපත් පවා ලැබිලා තිබ්බේ, හැබැයි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් නිසා ඒවා කල්ගියා, ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුනට මම ඒවා බාරගන්නේ නෑ, මොකද මම දැන් මාස්ටර් කරනවා, ඉතින් ඒ වැඩ එක්ක ටෙලිනාට්‍ය කරන්න අමාරුයි, ඒ වගේම මම දැන් කැෆේ මාෂි ව්‍යාපාරය වගේම ලිනෝනා කියලා මගේම ඇඳුම් ව්‍යාපාරයක් කරගෙන යනවා, ඒවා එක්ක ටෙලිනාට්‍ය බාරගෙන කරගෙන යන්න අමාරුයි”

අපි දකිනවා මාෂි ගොඩක් ලස්සන විලාසිතා කරනවා ඇත්තටම මාෂි කැමති මොනවගේ විලාසිතා වලටද..? ඇත්තටම මම ගොඩක්ම ආස සරල චාම් විලාසිතා වලට, මම ගොඩක් වෙලාවට තෝරාගන්නේ ලා පාට ඇඳුම්, හැබැයි ඉතින් සමහර වෙලාටව අපි ඉන්න තැන අනුව අපේ විලාසිතා වෙනස්කරන්න වෙනවා, හැබැයි මම පුද්ගලිකව ආස සරල චාම් ඇඳුම් වලට”

මොකද්ද මාෂි ගමේ ගියපු දවසක උනා කියන අකරතැබ්බය ”අපේ තාත්තා මාතලේ, අපි හරිම ආසයි මාතලේ යන්න, අපි කුඹුරට කියන්නේ වෙලේ පැලේ කියලා, අපි මාතලේ ගියාම ගන්න බැහැ, අපේ තාත්තගේ සහෝදරයෝ ඔක්කොම ඉන්නේ එහෙ, ඉතින් ගියාම එහෙමෙහෙ යනවා එක එක ඒවා කනවා, අපි හතර දෙන්නා ඉන්න නිසා කවුරුවත් ඕන නෑ, ඉතින් අපි එක එක තැන්වලින් නානවා, අද නාපු තැනින් හෙට නාන්නේ නෑ, ඉතින් දවසක් නාලා ගියාම පාසේ තමයි නාලා තියෙන්නේ මීහරක් නාවන වැලකින් කියලා, ඒ නිසා වෙන්න ඇති මෙහෙම ලස්සන වෙලා තියෙන්නේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *