අපේ තරුණයන් ගොඩක් ආදරේ කරන වගේම මේ දවස්වල හැමෝම කතා වෙන සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි ෂෙහානි කහඳවල කියන්නේ, ශේහානිගේ හුරුබුහුටි සුන්දරත්වයට ලංකාවේ තරුණයන් ගොඩක් වශී වෙලා ඒ වගේම අපේ කොල්ලන්ගේ අලුත්ම ක්‍රෂ් එක වෙලා තියෙන්නෙත් ෂෙහානි කහඳවලයි, ඉතින් අපි හිතුවා ෂෙහානි එක්ක ටිකක් කතා කරන්න, ඉතින් ෂෙහානි ඔයා දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්, ඇයි මේ දවස්වල වැඩිය පේන්න නැත්තේ, ”මේකයි පසුගිය කාලයේ රටේ තිබ්බ ප්‍රශ්න එක්ක අපි කරගෙන ආව වැඩ ගොඩක් නතර උනා. දැන් ආයෙමත් ලබන මාසේ ඉඳලා වැඩ පටන් ගන්නවා, ඉතින් ඉදිරියේදී ඒ දේවල් බලන්න පුළුවන්”
පහුගිය දවස්වල ඔයාගේ පොටෝ ෂූට් එකක් ලංකාවේ හැමෝම අතර ගොඩක් ජනප්‍රිය උනා නේද..? ”අනේ ඇත්තටම මම හිතුවේ නෑ කවදාවත් මේ ෂූට් එක මෙච්චර ජනප්‍රිය වේවි කියලා, එක ලංකාවේ මිනිස්සු ගොඩක් ආදරෙන් වැළඳ ගත්තා,කිසිම සැලැස්මක් ඇතුව නෙවෙයි ඒ ෂූට් එක කලේ, හදිස්සියේ දවස් දෙකක් ඇතුලත තමයි අපි සූදානම් වුනේ, ශුට් එක කරද්දී අපි හිතුවේ නෑ මෙහෙම මේක ජනප්‍රිය වේවි කියලා, හැබැයි වෙනසක් කරන්නන හිතාගෙන තමයි ඒ ෂූට් එක කලේ”
ෂෙහානි ඔයාගේ මේ ෂූට් එක වැඩිපුරම ජනප්‍රිය වුනේ සමාජ ජාලාවලින්, ඉතින් සමාජ ජාලාවලින් කියපු දේවල් ගැන මොකද හිතන්නේ, ”මම ඒකේ වරදක් දකින්නේ නැ, මම කලේ සාමාන්‍ය පොටෝ ෂූට් එකක් විතරයි ඕනෑම කෙනෙක්ට ඒකට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා, ඒ වගේම මම කලේ පොටෝ ෂූට් එකක් විතරයි, ඒ නිසා මම බය නෑ”
ෂෙහානි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් නේ ඉතින් දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද ”මම හිතනවා තව ටික කාලයක් ගන්න, මොකද විවාහය කියන්නේ ගොඩක් සංකීර්ණ දෙයක්, මම කැමති නෑ විවාහ වෙලා ආයේ තනිවෙන්න, හැබැයි මම දැන් පෙම්වතියක්, ඒ ගැන විස්තර මම දැම්ම කියන්න කැමති නෑ,”
බිඳීගිය ආදරේ ගැන පසුතැවෙන්නේ නැද්ද..? මෙහෙමයි වෙලාවට පසුතැවෙනවා හැබැයි ඉතින් යන කෙනා කොහොමත් යනවා ඉන්න කෙනා අන්තිම මොහොතේ හරි එනවා, මම කාවවත් ලොකුවට බලෙන් තියාගෙන ඉන්නේ නෑ, ඒ වගේම මම පස්සෙන් යන්නෙත් නෑ, යන කෙනාට මම යන්න දෙනවා, ඒ තමයි මගේ හැටි