ආදරෙයි කියාගෙන ගොඩක් අය පස්සෙන් එනවා – හින්දි නිලියන් පරදන ඉෂන්කා අබේසේකර

දේශීය ටෙලිනාට්‍ය කලාව වෙනමම තැනකට අරගෙන ගියපු ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් තමයි සිරස ටීවී නාලිකාව කියන්නේ, ඉතින් මේ දවස්වල සිරස නාලිකාවේ විකාශනය වන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍ය ලංකාවේ විකාශනය වන ටෙලිනාට්‍ය අතරින් ජනප්‍රියම ටෙලිනාට්‍ය විදියට හඳුන්වන්න පුළුවන්, ඉතින් මේ නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න වගේම ඇයගේ සුන්දර රුව හරහා ප්‍රේක්ෂක හදවත් සොරාගන්න සමත්වුණ නවක රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියන්නේ, ඉතින් ඔයාලා හැමෝම හොයපු ඉෂන්කා සමගයි අපේ මේ පුංචි කතාබහ,

ඉෂංකා කොහොම සිරස නාලිකාවේ විකාශනය වෙන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යට සම්බන්ද වෙලා ‘සමන්දිනී’ වෙන්නේ..? ”මම මුලින්ම රංගන දායකත්වය ලබා දුන්නේ ඉන්ටර්නැෂනල් 2 කියන ටෙලිනාට්‍යට, ඊටපස්සේ මම චන්ද්‍රපානි මියුසික් වීඩියෝ එකට සම්බන්ධ වුනා, ඒ හරහා තමයි මාව මහේෂ් රත්සර මහත්මයා සහ ධනුෂ්ක මහත්මයා හඳුනා ගත්තේ, මේ චරිතය එන්න හිටපු එකක් නෙවෙයි, හැබැයි මේ කතාව ඇතුලේ ෆෑන් බේස් එකක් හැදිල එයාව ගෙන්නන තැනට, ඉතින් ඒ ප්‍රේක්ෂක උවමනාවට තමයි ආයෙමත් මේ චරිතය කතාවට සම්බන්ද වුනේ”

ඉෂංකා නිලියක් වෙන්න කලින් මොකද්ද කලේ, ”මම ව්‍යාපාරයක් කරනව, හැබැයි මම නිලියක් වෙන්න ඕන කියලා හීනෙකින්වත් හිතුවේ නෑ, ඇත්තම කියනවනම් කලින් ඉඳලම මට රංගනට ආරාධනා ලැබුනා මම ඒ හැම එකකටම බෑ කිවුවා, මම මේ චරිතය බාරගත්තේ මගේ ආච්චි අම්මගේ හීනයක් හැබෑ කරන්න, එයාට තමයි මාව ටීවී එකේ දකින්න ඕනවෙලා තිබ්බේ, මේ හැමදෙයක්ම අහම්බෙන් සිදුවුණ දේවල්,”

ජනප්‍රියත්වය නිසා ආදර යෝජනා ගාලාගෙන එනවා ඇති නේ..? ”අම්මෝ ඔව් ජනප්‍රිය නිසා ආදරෙයි කියාගෙන පස්සෙන් එනවා ගොඩක් කට්ටිය, හැබැයි මම ඒ යෝජනා එකක්වත් පිළිගන්නේ නෑ මොකද මේ ජනප්‍රියත්වය එන්න ආදර යෝජනා නිසා, එකට හේතුව තමයි මම කැමති ඉෂංකා කියන චරිතය හඳුනාගත්ත කෙනකුට ආදරය කරන්න, ඇත්තටම මම ආදරේට ගොඩක් බයයි, කවදා හරි මම විවාහ වෙන්නේ ප්රෝපොසල් එකකින්, මම ඒ වගකීම අම්මට බාරදීලා තියෙන්නේ, එතකොට මට නිදහසේ ඉන්න පුළුවන්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *