මම දිනිති එක්ක විවාහ වෙනවා, ඒ මගේ අවසාන විවාහය වේවි – දෙවන වරට විවාහ වෙන්න සැරසෙන සංගීත්

රංගන ක්‍ෂේත්‍රයේ ඉන්න කඩවසම්ම රංගන ශිල්පියන් අතරින් තරුණියන්ගේ ආකර්ෂණය වැඩියෙන්ම ලැබෙන රංගන ශිල්පියෙක් තමයි සංගීත් සතරසිංහ කියන්නේ, ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාරදිගේ නාට්‍යයේ ඩේමියන් ගේ චරිතයට පන පොවන සංගීත් හිරු ටීවී නාලිකාවේ විකාශය වන ‘අසිරිමත් දළදා ගමනය’ ටෙලි නාට්‍යය හරහාත් දැකගන්න පුළුවන්, ඒ එම නාට්‍යයේ දන්ත කුමරුගේ චරිතය හරහායි, හැබැයි මේ දවස්වල සංගීත් ගැන හැමෝම කතාවෙන්නේ ඔහු දායක වෙන කළා නිර්මාණ නිසා විතරක්ම නෙවෙයි,

මේ දවස්වල හැමෝම වගේ සංගීත් ගැන කතා වෙන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන දිනිති වල්ගමගේ නිසා, එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි දිනිති ඉන්න හැම තැනකම සංගීත් ඉන්නවා, සංගීත් ඉන්න හැම තැනකම දිනිති ඉන්නවා, ඉතින් අපි හිතුවා සංගීත් එක්ක ටිකක් කතා කරලා විස්තර දැනගන්න,

සංගීත් ඔබ කළා පවුලකකින් පැවත එන පුරුකක්, ඉතින් ඔබට රංගන වරම් ලැබුනේ ඒ හේතුව නිසාමද..? ”මගේ තාත්තා සුරංග සතරසිංහ, ඔහු රංගන ශිල්පියෙක්, මගේ අම්මත් රංගනයට සම්බන්දයි, ඒ වගේම මම පොඩි කලේ තාත්තා එක්ක රේඩියෝ ඩබින් කරලා තියෙනවා, ඒ වගේම තමයි මම මුලින්ම රුපවාහිනී වැඩසටහනක් කරන්නේ හිරු නාලිකාව පටන්ගත්ත කාලෙමයි, ඒ වගේම මම සිරස මෑන් හන්ටර් තරගයෙන් “මිස්ටර් පර්සනිලිටි“ ජයග්‍රහණය කිරීමෙන් පස්සේ මම සිරස නාලිකාව එක්ක සම්බන්ද වෙනවා, එහෙම ඉද්දී තමයි මට රංගනට ආරාධනා ලැබෙන්නේ”

සංගීත් සත්තම කියන්න දිනිති, සංගීත් ආදරවන්තයන් කියන එක ඇත්තද..? අපි දෙන්නා ගොඩක් හොඳ යාළුවො, දිනිතියි මමයි පුදුම විදියට ලංවෙලා ඉන්නේ, ඒ වගේම තමයි මගේ අම්මයි තාත්තයි දිනිතිට ගොඩක් ආදරෙයි, මටත් එයා නැතුව ඉන්නම බැරි තත්වෙට පත්වෙලා, මම නැතුව එයාටත් බෑ, හැබැයි අපි දෙන්නා ආදරෙයි කියලා තාම කියලා නෑ, හැබැයි දකින අයට අපි කපල් එකක් වගේ පේනවා ඇති,

දිනිති තමයි ඔයාට ගැලපෙනම කෙනා කියලද ඔයා හිතන්නේ, ”මෙහෙමයි අපි දෙන්නට පොඩ්ඩක්වත් ඈත්වෙලා ඉන්න බෑ, අපේ අදහස් ගොඩක් ගැලපෙනවා, කොච්චර බිසී උනත් පොඩි චාන්ස් එකක් ලැබුන ගමන් අපි මීට් වෙනවා, ඇත්තම කියනවනම් අපි මීට් වෙන්නේ නැති දවසක් නැති තරම්, අපි දෙන්නා ගොඩක් ලඟින් සතුටෙන් ජීවිතේ ගෙවනවා, ඉදිරියේදී අපි විවාහ වෙන්නත් පුළුවන් හැබැයි එහෙම වුනොත් ඒක මගේ අවසන් විවාහය වෙන්න පුළුවන්, මොකද මම එච්චරටම එයාට ආදරෙයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *