මම චාමිකට ආදරෙයි හැබැයි එයා මගෙන් ඇහුවත් මම කැමති වෙන්නේ නෑ – දිල්කි උරේෂා

ගායිකාවක විදියට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රුවකට හිමිකම් කියන දක්ෂ ගායිකාවක් තමයි දිල්කි උරේෂා කියන්නේ, කාලෙන් කාලෙට එක එක රිද්මයන් වලින් ප්‍රේක්ෂක හදවත් වශී කරගන්න දිල්කි සමගයි අද අපේ කතාබහ, ඉතින් දිල්කි කොහොමද..? රටේ තත්වය එක්ක දැන් ප්‍රසංග එහෙම තියෙනවද කියන්නකෝ බලන්න විස්තර ටිකක් ”මම නම් සුවෙන් ඉන්නවා, හැම කෙනෙක්ටම වගේ පහුගිය කාලයේ තිබ්බ ගොඩක් ප්‍රශ්න මටත් අදාළ වුනා, කොහොම වුනත් දැන් නම් පසුගිය කාලයට සාපේක්ෂව වැඩ ටිකක් ලැබෙනවා, ඒ වගේම මම දැන් ප්‍රසංග වලටත් සම්බන්ද වෙනවා, ඒ වගේම පහුගිය කාලයට වඩා ආරාධනා ලැබෙනවා”

ඉතින් ප්‍රසංග අඩුකාලේ ඒක ඔයාගේ ආර්ථීකයට බලපෑවේ නැද්ද..? ”මෙහෙමයි කොවිඩ් කාලේ කිසිම ක්ලාකරුවෙක්ට වැඩ ලැබුනේ නෑ, ඉතින් ඒක මටත් අදාලයි, ඒ කාලේ කලාකරුවන් ගතකලේ බොහොම අමාරු කාලයක්, මොකද කළාකරුවාන් කියන්නේ කෝටිපතියෝ නෙවෙයි නේ, ඉතින් ඒ දේවල් හැමෝටම එකවගේ බලපෑවා, හැබැයි මට ඒක ලොකු ප්‍රශ්නයක් වුනේ නෑ, මොකද මම ඉන්නේ අම්මා තාත්තා එක්ක නේ, ඒ අය මම මොන තත්වෙක හිටියත් මට ඕන කරන දේවල් මම ආස කරන දේවල් කොහොම හරි ගෙනත් දෙනවා, ඒ නිසා මට ඒක ලොකු ප්‍රශ්නයක් වුනේ නෑ”

චාමික කරුණාරත්නගේ ඇස් දෙක දිහා බලාගෙන ගීතයක් ගයනා කල නිසා මේ දවස්වල දිල්කි කතාබට ලක් වෙන චරිතයක් වෙලා නේ ද..? ”මෙහෙමයි කතාබහට ලක්වෙලාද කියන්න මම නම් හරියටම දන්නේ නෑ, හැබැයි නිහතමානිව කියන්න ඕන මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් තම ටික කාලයයි, හැබැයි මදි නොකියන්න මට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා, චාමිකගේ සිද්දීයනම් පොඩි රඟපෑමක් විතරයි, මට කිවුවා එයාගේ ඇස් දෙක බලාගෙන සිංදුව කියන්න කියලා ඉතින් මම එහෙම කරා,

හැබැයි මෙහෙමයි ඒ වෙලාවේ පොඩි අපහසු තාවයක් දැනුනා, මොකද චාමික කියන්නේ කා අතරත් කතාබහට ලක් වුණු ක්‍රිකට් ක්‍රිඩකයෙක්නේ, හැමෝම ආදරේ කරන චරිත ටිකක් නේ එදා හිටියේ මටයි කාවින්ද්‍යා අධිකාරිටයි ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒක මට නම් විශේෂ අවස්ථාවක්.”

ඇත්තම කියන්න චාමිකට ආදරේ හිතුනේ නැද්ද..? ”මම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක්ම ආදරෙයි, මම ක්‍රිකට් ක්‍රීඩාවේ ඩයි හාට් ෆෑන් කෙනෙක් කිවුවොත් හරි, ඒ වගේම මම කැමතිම ක්‍රීඩකයත් චාමිකම තමයි, ක්‍රීඩකයෙක් විදිහට මම චාමිකට ආදරෙයි ආදරෙයි. හැබැයි එතනින් එහාට වෙන කිසිම දෙයක් නැහැ, ගොඩක් අය මගෙන් අහනවා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ආදරේ ප්‍රකාශ කලොත් කැමති වෙනවද කියලා, ඒ හැමෝටම මම දෙන උත්තේ තමයි නැහැ කියන එක, ඒකට හේතුව තමයි මම පෙම්වතියක්, මම මගේ ආදර කතාව ප්‍රසිද්ධ කියලා තියෙන්නේ, මම එයාට ආදරේ නිසා හිත වෙන කෙනෙක්ට යන්නේ නෑ, චාමික ඇහුවත් මම කැමති වෙන්නේ නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *