අපේ ටෙලිනාට්‍ය කලාවට කාලෙන් කාලෙට එක එක විදියේ ටෙලිනාට්‍ය එක්තු වෙනවා, ඒ අතරින් ප්‍රේක්ෂක හදවත් දිනාගන්න පුළුවන් වෙන්නේ සීමිත ටෙලිනාට්‍ය සංඛාවකට විතරයි, ඉතින් මේ මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන තියෙන ආදරණීය ටෙලිනාට්‍යක් තමයි හිරු ටීවී නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය. ඉතින් මේ නාට්‍යයේ විශාල් – ඊශා ආදර කතාව මැදට ආව අලුත්ම චරිතය තමයි අචිනි කියන්නේ. ගොඩක් ආදරේ කරන චරිතයක්. බොහෝ දෙනා ඇය වටා එක් වෙලා තියෙනවා. මේ දවස්වල හැමෝම හොයන්නේ ඇත්තටම කවුද මේ අචිනි කියන්නේ කියලයි, ඉතින් අපි හිතුවා ඔයාලා හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වුණ අචිනි සමග ටිකක් කතා කරන්න, ඇයගේ ඇත්ත නම සජිනි.
සජිනි කියන්නකෝ බලන්න ඔයා ගැන විස්තර ටිකක් අපිට දැනගන්නත් එක්ක ”මගේ නම සජිනි රෝයි, මම ඉපදුනේ කොළඹ, ඒ වගේම මම පාසල් අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ කොටහේන රෝමානු කතෝලික බාලිකා විද්‍යාලයෙන්, මගේ පවුලේ විස්තර කියනවනම් මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි, මම තමයි පවුලේ වැඩිමල් ළමයා, පාසල් කාලයේ මම නර්තනය හැදෑරුවා හැබැයි මම මගේ මුලිකත්වය දුන්නේ අධ්‍යාපනයට, ඉතින් ඒ නිසා මම පාසල් කාලයේ ඉඳලම කලාවට සම්බන්ද කෙනෙක් කියලා කියන්න බෑ, හැබැයි ඒ කාලේ ඉඳලම මම කලාවට ආසයි. ඕවා තමයි මගේ විස්තර”
සජිනිට රංගන ශිපිනියක් වෙනවා කියලා හීනයක් තිබ්බද.? ” මෙහෙමයි මම මුලින්ම කියන්න ඕන මම රංගනයට දක්ෂ කෙනෙක් නෙවෙයි, හැබැයි මම ආසයි රංගනය හදාරන්න්, ඒ වගේම මම ගොඩක් ආසයි රංගන ශිල්පිනියක් වෙන්න, හැබැයි මේ ආසාව මට පොඩිකාලේ තිබ්බේ නෑ පස්සේ තමයි මම ඒකට ආස වුනේ, ටික්ටොක් වලින් මට තියෙන රඟපෑමේ හැකියාව අත්හදා බැලුවා, ඉතින් ඒ කාලේ තමයි මට රනිල් කුලසිංහ අයියාගේ “භුමි“ කියන අලුත් නිර්මාණයට ආරාධනාවක් ලැබුණේ එක තාම විකාශනය වුනේ නෑ, ඒ මගේ පලවෙනි නිර්මාණය, ඉතින් ටික් ටොක් නිසා තමයි මම නිලියක් වුනේ”