අපේ රටේ විවිද ආකාරයේ රංගන ශිල්පිනියන් රැසක් ඉන්නවා, ඒ වගේම අපේ කළා ලෝකයට දවසින් දවස අලුත් රංගන ශිල්පිනියන් එකතුවෙනවා, හැබැයි ඒ රංගන ශිල්පිනියන් අතරින් තමන්ටම ආවේනික අනන්‍යතාවයක් ගොඩනගාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි නිරංජනී ශන්මුගරාජා කියන්නේ, එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි ලංකාවේ සිංහල සිනමාවට වගේම සිංහල ටෙලිනාට්‍ය කලාවට ඉන්න එකම දමිල රංගන ශිල්පිනිය ඇය, කොහොම වුනත් ලාංකේය කළා ලෝකයට නැතිවම බැරි රංගන ශිල්පිනියක වන නිරංජනී සමගයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ,
නිරන්ජනී පොඩිකාලේ ඉඳන්ම හීන දැක්කේ රංගන ශිල්පිනියක වෙන්නද..? ”අමෙ මට ජීවිතේ කවදාවත් එහෙම හීනයක් තිබිලම නෑ, හැබැයි පොඩි කාලේ මට සින්දු කියන්න, නටන්න, රඟපාන්න, වගේම හොඳට ඉගන ගන්නත් පුළුවන්, හැබැයි මට ඒ කාලේ මම ලොකුවෙලා කව්ද වෙන්නේ කියලා අදහසක් මට තිබ්බේ නෑ, මට පොඩි කාලේ එක එක ආසාවල් තිබ්බා, කාලයක් මට ඕන වුනා ගායිකාවක් වෙන්නේ, ඊටපස්සේ බැංකු නිලධාරිනියක් වෙන්නත් ආස කලා, මම තැමිල් කෙල්ලෙක් හැබැයි මම වැඩියෙන්ම ආස කලේ ආමි එකට යන්න, මගේ අත්තම්මා සිංහල, ත්‍රස්තයින් දළදා මාලිගාවට ගහපු දවසේ අපේ අත්තම්මා සෑහෙන්න ඇඬුවා,
ඒ කාලේ මට වැඩි වයසක් නෑ, ඉතින් මම අත්තම්මට කිවුවා මම හමුදාවට ගිහින් ත්‍රස්තයින් සේරම ඉවර කරන්නම් කියලා, හැබැයි එහෙම කිවුවේ අත්තම්මගේ හිත සනසන්න. කොහොමත් මම ඉස්සර ඉඳලම ඒ මොහොතේ ජීවත් වෙන කෙනෙක්, මට අනුව හෙට උදේ ජීවතුන් අතරේ ඉඳීම ආශිර්වාදයක්. ඉතින් මම ජීවිතය හොඳ විදියට ගත කරන්න නිතරම උත්සහා කරනවා,”
නිරන්ජනී කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඉතින් දැන් ඔබ පෙම්වතියක් ද කියන්නකෝ බලන්න අපිට ඒ ගැන විස්තර ටිකක්, ”ඔව් මම දැන් ආදරවන්තියක්, අපි අපේ ජීවිතේ ආදරේ විඳින්න ඕන, ගහකට කොලයක උනත් මලක් පිපෙන්නේ ආදරය නිසා, මෙතෙක් කල් මම නොලැබුණු ආදරයට වෛර කරලා නැහැ, හැබැයි මම දැන් ඒකටත් හරියන්න ආදරේ විඳිනවා, අපි දෙන්නා මුණගැහෙන්නේ මම මේ ක්‍ෂේත්‍රයට එන්නත් කලින්, එයා මට ගොඅක් ආදරෙයි, එයා කැමති වුනේ මගේ ජනප්‍රියත්වයටවත් මගේ වෘත්තියටවත්නෙවෙයි, එයා ආදරේ කරන්නේ මට, ඒ වගේම එයා මේ ක්‍ෂේත්‍රයට කිසිම සම්බන්දයක් නෑ, ඉතින් අපි ළඟදීම විවාහ වෙන්න හිතාගෙන ඉන්නේ”