ලොකු පුතාට තනිනිසා අපි දෙන්නා එයාට මල්ලියෙක් ගෙනත් දුන්නා – තීක්ෂණ අනුරාධ

ගායන ශිල්පිනියක විදියට කාගේත් ආදරේ දිනාගත්ත ආදරණීය චරිතයක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ. කාලෙන් කාලෙට ආදරණීය ගීත සමග ප්‍රේක්ෂක හදවත් පිනවන තීක්ෂණ අනුරාධ සමගයි ඉතින් තීක්ෂණ කියන්නකෝ බලන්න මේ දවස්වල මොකද වෙන්නේ, කොහොමද ජීවිතේ ”මේ දවස්වලනම් ඉතින් ගොඩක් සතුටෙන් ඉන්නවා, බිරිඳ සහ ළමයි එක්ක ඉද්දී වෙලාව යනවා දැනෙන්නේ නෑ, අපේ චූටිම පුතාගේ නම ජේඩන් ජේක් අනුරාධ දැන් එයාට වයස අවුරුදු දෙකහමාරයි, ලොකු පුතාගේ නම ඒඩන් ලූක් අනුරාධ, එයාට වයස අවුරුදු පහහමාරයි. ඒ වගේම දැන් එයා පාසල් යනවා, ඒ දෙන්නා එක්ක සහ ආදරණීය බිරිඳ එක්ක ගෙවෙන ජීවිතේ හරිම සුන්දරයි”

තීක්ෂණ කියන්නේ දැන් ආදරණීය දරුවන් දෙදෙනේක්ගේ පියෙක්, ඉතින් ලොකු පුතා අලුතෙන් පවුලට මල්ලියෙක් එකතුවෙනවා කියලා දැනගද්දී මොන වගේ ප්‍රතිචාරයක්ද දැක්වුවේ, ”එයා මල්ලි බබාලට හරිම ආදරෙයි, ඒ වගේම එයා ගොඩක් ආසාවෙන් හිටියේ අලුත් මල්ලි කෙනෙක් එනවට, කොහොමත් තව දරුවෙක් එද්දී ඉන්න දරුවට පොඩි ඉරිසියාවක් එනවා කියලා කියනවා නේ ඉතින් අපි මල්ලි එන්න කලින් ඉඳලම ලොකු පුතාට කිවුවා ඔයා එක්ක හැමදාම අම්මටයි මටයි සෙල්ලම් කරන්න බෑ නේ ඉතින් ඒ නිසා අපි ඔයාට සෙල්ලම් කරන්න මල්ලි කෙනෙක් ගෙනාවා කියලා එයාගේ හිත හදලා තිබ්බේ, ඉතින් එයා මල්ලි එන්න කලින් ඉඳලම එයා එක්ක සෙල්ලම් කරන්න බලාගෙන හිටියේ”

චූටි පුතා නිසා තීක්ෂනගේ හිත කලබල වුන අවස්ථා එහෙම නැද්ද ”අපෝ ඇයි නැත්තේ, පුතාලා දෙන්නටම හරිම දාංගලේ, අපේ කාමරේ තියෙන ලොකු ඇඳ උද නැගලා මේ දෙන්නා වටේට දුවනවා ඉතින් එහෙම දුවලා එක දවසක් එහෙම දුවද්දී පොඩි පුතා ඇඳෙන් වැටුනා, ඒ දේ වෙද්දී එයාට අවුරුදු එක හමාරයි, එදා මමයි අනුරාධිකායි ගොඩක් බයවුනා, අපේ වාසනාවට පුතාට එදා කිසිම කරදරයක් වුනේ නෑ, එයි පස්සේ අපි මෙට්ටේ බිම දාලා බිම නිදාගන්නේ”

අද රටේ තත්වය එක්ක ළමයි දෙන්නගේ අනාගතය ගැන ඔබට හිතෙන්නේ මොකද්ද…? ‘මේ වෙද්දී අපේ රටේ තත්වය හැමෝම දන්නවා නේ, මේ කාලේ හැමදෙයක්ම හරිම අවිනිශ්චිතයි, අද වෙද්දී ගොඩක් දෙමාපියන්ට ළමයින්ට ඕන දේවල් දෙන්න විදියටක් නැතුව ඉන්නේ, ඉස්සර අනුරාධිකායි මමයි ඒ දෙන්නා ආච්චිවයි සීයයි බලන්න ඉඩක් ලැබෙන හැම වෙලාවකම එක්කගෙන යනවා, මේ දවස්වල එකත් බැරිවෙලා තියෙන්නේ, අපි දෙන්නටම ඕන අපේ ළමයි දෙන්නා සාමාන්‍ය දරුවන් දෙන්නෙක් විදිහට සමාජයට එකතු කරන්න, අපි කොහොම හරි ඒ දේ කරනවා”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *