මම හැඩට ඉද්දී ආසයි කියලා හස්බන්ඩ්ම තමයි මේ වගේ ඇඳුම් අරන් දෙන්නේ – හර්ෂි අන්ජුමාලා

රංගන ශිල්පිනියක විදියට කළා ක්‍ෂේත්‍රයේ ඉන්න දුටුවන් සිත් වශී කරවන සුන්දර රංගන ශිල්පිනියක් තමයි හර්ෂි අන්ජුමාලා කියන්නේ, හැඩකාර දඟකාර කටකාර කම නිසාම හර්ශිට ප්‍රේක්ෂයන් ගොඩක් ආදරෙයි, නිරූපන ශිල්පිනියක වගේම රංගන ශිල්පිනියක විදියට විතරක් නෙවෙයි හර්ෂි හඬකැවීම් ශිල්පිනියක ලෙසත් ගොඩක් ජනප්‍රියයි, ඒ විතරක් නෙවෙයි හර්ශිට ගොඩක් ලස්සනට ගීත ගයනා කරන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න හර්ෂි සමග, ඉතින් හර්ෂි කොහොමද ජීවිතේ, විවාහයෙන් පස්සේ තවත් ලස්සන වෙලා නේ..? ”ජීවිතෙනම් සුන්දර විදියට ගලාගෙන යනවා, දැන් මාව දකින හැමෝම කියනවා ඔය කතාව, අද දවසට හත් අට දෙනෙක්ම කිවුවා මම විවාහ වුනාට පස්සේ තවත් ලස්සන වෙලා කියලා,”

හර්ෂි ඔබ කරන විලාසිතා නිසා ඔබව තවත් ලස්සන වෙලා පේනවා, ඉතින් ඔයා විලාසිතා දකින්නේ කොහොමද ”මෙහෙමයි පොදුවේ ගත්තම මට හිතෙන්නේ විලාසිතා කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන අපිටම කියලා වෙනස්ම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න පුළුවන් අපූරු දෙයක් විදියට, ඒ දේ නිසා අපේ ලස්සන තවත් වැඩි කරගන්න පුළුවන්, හැබැයි අපි අපිට දකින්න ලැබෙන හැම විලාසිතාවක්ම කරන්න යන්න හොඳ නෑ, අපි කරන්න ඕන අපිට ගැලපෙන ඒවා විතරයි ඒ වගේම අවශ්‍ය තැනට අවශ්‍ය විදියට විලාසිතා කරන්න ඕන, නැත්තන් වෙන්නේ කොච්චර ලස්සන වුනත් ඒ ලස්සනේ වටිනාකම නැතිවෙනවා”

විවාහයෙන් පස්සෙත් කාන්තාවක් වුනාම විලාසිතා කරන්න ඕනද ”අනිවාර්යෙන්ම ඔව්, මම හිතන දෙයක් තමයි විවාහයෙන් පස්සේ තමයි කාන්තාව ලස්සනටම ඉන්න ඕන, මොකද මේ මගේ බිරිඳ කියලා කටපුරා කියන්න ඕනෑම සැමියෙක් කැමතියි ඉතින් එහෙම කියන්න ඉතින් එහෙම කියන්න පුළුවන් වෙන්න බිරිඳ හැඩට ඉන්න ඕන, ඇත්තටම අදටත් මම කරන විලාසිතා ගැන මගේ සැමියා හරිම උනන්දුයි, එයා මට විලාසිතා කරන්න ගොඩක් උදවු කරනවා, ඉතින් මට හිතෙනවා මම වාසනාවන්ත බිරිඳක් කියලා එයා තමයි මට ලස්සන ඇඳුම් ගොඩක් අරන් දෙන්නේ, මට වඩා ඇඳුම් තෝරන්න එයාට පුළුවන්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *