කලාවට පිවිසිලා බොහොම කෙටිකාලයකින් ලංකාවේ ප්‍රේක්ෂක හදවත් දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සංජානා ඔනාලි ගමආරච්චි කියන්නේ, දඟකාර චරිත වලට පන පොවන සංජානා කළා ලෝකයේ වැඩිපුරම ජනප්‍රිය වෙන්නේ ටීවී දෙරණ නාලිකාව නිසා, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගත්ත රංගන ශිල්පිනියක වන සංජානා ගමාරච්චි සමග, ඉතින් සංජානා කොහොමද මේ දවස්වල ජීවිතේ මොකද වෙන්නේ ”මේ දවස්වල ජීවිතේ නම් ඉතින් හොඳින් ගෙවීගෙන යනවා, ඒ වගේම බාරගත්ත වැඩ ටිකත් කරගෙන අලුත් නිර්මාණ ගැනත් බලාගෙන ලැබුන පිටපත් ටිකත් බලනවා ඕවා තමයි ඉතින් මේ දවස්වල වෙන්නේ”
සන්ජනාට නිතරම ලැබෙන්නේ දඟකාර කටකාර චරිතනේ, ඉතින් වෙනසක් චරිතයක් කරන්න කැමති නැද්ද එහෙම නැත්තන් වෙන චරිත ලැබෙන්නේ නැද්ද ”අනේ මමත් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ මට වෙනස් චරිතයක් ලැබෙනකන්, මොකද මට නිතරම වගේ ලැබෙන්නේ දඟකාර චරිත, වෙනසක් වෙනකන් මම පුලපුලා බලා ඉන්නවා, මම ගොඩක් කැමතියි ටිකක් සංකීර්ණ ගැඹුරු අරුතක් තියෙන චරිතයක් ලැබෙනවානම් හරිම ආසයි මම”
ජනප්‍රිය නිලියක් වෙලා ඉන්න සංජනාට ගෙදරින් ලැබුන සහයෝගය කොහොමද..? ”ඇත්තටම ගෙදරින් මට ලොකු සහයෝගයක් ලැබුනා, ඒ අය නිසා තමයි අද මම මේ වගේ තැනක ඉන්නේ, මම කොහොමත් නිර්මාණයක් බාරගන්න කලින් ඒ පිටපත ගෙදර අයට පෙන්නලා ඒ අයත් එක්ක ටිකක් සාකච්චා කරලා තමයි නිර්මාණය බාරගන්නේ, ඉතින් ඒ අය නිසා තමයි අද මම ලංකාවම ආදරේ කරන චරිතයක් වෙලා ඉන්නේ”
විව්වාහ වෙන්න කෙනක් තෝරාගැනීම සහ විවාහයෙන් පස්සේ දුක් විඳින්න බෑ කියලා ඔබ කියලා තියෙනවා ඉතින් මොකද්ද ඒ කතාවේ තේරුම ”මෙහෙමයි මගේ අම්මා නැති වුනේ කැන්සර් එකකින් ඉතින් ඒ වෙලාවේ අපේ අම්මට තාත්තට සල්ලි තිබ්බ නිසා පිටින් බෙහෙත් අරගෙන අම්මට් දුන්නා හැබැයි ඒත් අම්මා නැතිවුනා, හැබැයි රෝහලේ හිටපු අනිත් අයට ඒ බෙහෙත් එක ගන්න සල්ලි තිබ්බේ නෑ, ඉතින් මම කියන්නේ පවුලක් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් බැඳ ගත්තොත් එයාට හරි මට හරි අසනීපයක් වුනාම හරි මොකක් හරි වෙලාවට විදයදම් කරන්න සල්ලි තියෙනවා, කෙනෙක් හොයාගද්දී බොරුවට දුක් විඳින්නේ නැතුව යමක් කමක් තියෙන පෝසත් කෙනෙක් එක්ක විවාහ වුනාම හරි, එහෙම නැතුව මොනවා හරි උනාම ඔය පොස්ට් හදන අය එකෙක් වත් අපිට උදවු කරන්නේ නෑ, මම බැනුම් ඇහුවත් කමක් නෑ මම කියන්න ඕන දේ කියනවා”