හොඳ කෙනෙක් ලැබුනේ නැත්තන් මම මගේ අම්මා බලාගෙන තනියම ඉන්නවා – ෂෙහානි කහඳවල

ෂෙහානි කහඳවල කියන්නේ කළා ක්ෂේත්‍රයට ඇවිත් බොහොම පොඩි කාලයක් ඇතුලට ලංකාවේම තරුණ තරුණියන්ගේ ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක්, කළා ක්ෂේත්‍රය තුල ෂෙහානි කහඳවල නිරූපන ශිල්පිනියක විදියටත් ගොඩක්ම ජනප්‍රියයි.ඒ වගේම තමයි ශේහානිට සමාජ ජාලා හරහාත් විශාල ප්‍රේක්ෂක රසික පිරිසක් ඉන්නවා, පුංචි තිරයේ ඉන්න හැඩකාර දඟකාර වගේම හුරතල්ම රංගන ශිල්පිනිය විදියත් ෂෙහානි හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔබත් මමත් ගොඩක් ආදරේ කරන ෂෙහානි කහන්දවල සමග,

ෂෙහානි කාලෙකට එක නාට්‍යයක රඟපාලා ගොඩක් ලොකු නිවාඩුවක් අරගෙන තමයි ආයේ රඟපාන්න පටන් ගත්තේ, ඇත්තටම ශේහානිගේ වෘත්තීය රංගනය නෙවෙයිද..? ”මෙහෙමයි ඒක ගැන මට හරියටම කියන්න බෑ, මොකද මම රංගන දායකත්වය දෙන නිර්මාණවලට මම මුදලක් අය කරනවා, හැබැයි මෙහෙමයි මම වෘත්තීමය රංගන ශිල්පිනියක් නෙවෙයි මොකද මම රංගන මතම යැපෙන කෙනෙක් නෙවෙයි, ඇත්තම කියනවනම් මම රඟපාන්නේ ආසාවට සහ මම ඒකට දක්ෂ නිසා, නර්ථනය රංගනය කියන දේ පොඩි කාලේ ඉඳලම මගේ ඇඟේ තියෙන කෙනෙක්,”

ෂෙහානි ආදරය කියන දේ දකින්නේ කොහොමද..? ”ආදරය කියන දේ හරිම සුන්දරයි, කොහොමටත් තවම මම පෙම්වතියක් නෙවෙයි මම මගේ අම්මව බලාගෙන අම්මගේ ආදරේ විඳගෙන ඉන්නවා, එහෙමයි කියලා මට හැමදාම මෙහෙම ඉන්න බෑ මමත් ආදරවන්තයෙක් හොයාගන්න ඕන, මාව ආදරෙන් බලාගන්න පුළුවන්, මට ගෞරව කරණ ඒ වගේම මට ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි මම හොයන්නේ, ඒ වගේ කෙනෙක් ලැබුනොත් මම විවාහ වේවි, නැත්තන් මම අම්මත් එක්ක මෙහෙම ඉන්නවා.”

ශේහානිට අද ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ, ”මම මේ ක්ෂේත්‍රයට ආව කාලේ ඉඳලා අද වෙනකන්ම මගේ වටේ ප්‍රේක්ෂකයෝ රැසක් එකතු වෙලා හිටියා, ඒ අය මාව ගොඩක් ආදරයෙන් වැළඳ ගත්තා, ඇත්තටම ඒකට ගොඩක් ස්තුතියි, ඒ වගේම තමයි මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් මට ලබාදෙන හැම ප්‍රතිචාරයකටම මම ගරු කරනවා, මොකද ඒ අය තමයි මගෙත් එක්ක ඉඳගෙන හැමදාම මාව ධෛර්යවත් කලේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *