දෙමාපියන්ගේ විශ්වාසය නැතිවෙන විදියේ කොට ඇඳුමක්වත් මම අඳින්නේ නෑ – ජනප්‍රිය නිලි ප්‍රවීනා දිසානායක

පහුගිය කාලයේ ලංකාවේ හැමෝම වගේ ගොඩක් ආදරෙන් නරඹපු ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය කියන්නේ, නවක රංගන ශිල්පියන් වගේම නවක රංගන ශිල්පිනියක් රැසක් කළා ලෝකයට දායාද කරපු ටෙලිනාට්‍යක්, ඉතින් මේ නාට්‍ය හරහා කලාවට පිවිසුන හැමෝගෙම ආදරේ දිනාගත්ත චරිතයක් තමයි නාඩගම්කාරයෝ නාට්‍යයේ කවඩියා ගේ ආදරවන්තිය ගීතිකා කියන්නේ, ඉතින් ගීතිකා කියන චරිතයට පන පෙව්ව නවක රංගන ශිල්පිනිය තමයි ප්‍රවීනා දිසානායක කියන්නේ, ප්‍රවීනාගේ හුරතල් පෙනුමට වගේම ඇයගේ ලගන්නාසුලු කතාබහට තරුණයන් රැසක් වශීවෙලා ඉන්නේ, ඉතින් අද අපේ කතාබහ ප්‍රවීනා දිසානායක සමග,

ඉතින් ප්‍රවීනා කියන්නකෝ බලන්න ඔයා ගැන විස්තර ටිකක් ”මගේ ගම අනුරාධපුරයේ එප්පාවල, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි අධ්‍යාපන කටයුතු කලේ, අපේ පවුලේ එකම දුව මම, මගේ පොඩිකාලයේ එකම හීනය වුනේ වෛද්‍යවරියක් වෙන එක, මම අහම්බෙන් තමයි රංගනයට සම්බන්ද වුනේ, හීනෙකින්වත් හිතුවේ නැති විදියට මම මගේ පලවෙනි ටෙලිනාට්‍යයෙන්ම ජනප්‍රිය වුනා, ඊටපස්සේ මගේ වෛද්‍යවරියකවෙන හීනය යටගිහින් කළා ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්නවා කියලා හිතාගෙන ඉන්නවා, කොහොමත් මම පොඩි කාලේ නර්ථනයට රංගනයට දක්ෂයි,”

පවුලේ අය කැමති උනාද පවුලේ එකම දුව කළා ක්‍ෂේත්‍රයට පිවිසෙනවට, ”මෙහෙමයි අපේ පවුලේ කලාවට සම්බන්ද කවුරුවත් නෑ, මගේ අප්පච්චි යාපාර කටයුතුවලට සම්බන්ධ ඒ වගේම මගේ අම්මා රජයේ නිලධාරිනියක්, ඒ දෙන්නට ඉන්නේ මම විතරයි, ඒ නිසා ඒ දෙන්නගේ හිතේ මම ගැන බලාපොරොත්තු ගොඩක් තියෙනවා, ඒ වගේම ඒ දෙන්නා මාව ගොඩක් විශවාස කරනවා, මම කළා ක්‍ෂේත්‍රයට එනවට තාත්තා මුලින් කැමති වුනේ නෑ, හැබැයි ඒ දෙන්නාගේ මට තියෙන විශ්වාසය නිසා මට මේ ක්‍ෂේත්‍රයට එන්න අවසර දුන්නා, ඒ වගේම අදටත් මම ඒ විශ්වාසය අකුරටම රකිනවා, දෙමාපියන්ගේ විශ්වාසය නැතිවෙන විදියේ ඇඳුමක්වත් මම අඳින්නේ නෑ”

ආදරේ ගැන මොකද හිතෙන්නේ ආදරයක් තියෙනවද..? ”ආදරේ හරිම සුන්දරයි, හැබැයි මම ආදරයක් ගැන හිතලා නෑ, පාසල් කාලයේත් මම පාසල් වැඩ වලට විතරයි මගේ අවධානය දුන්නේ, එහෙම නැතුව අනිත් අය වගේ මම ඒ කාලේ කාගේවත් පෙම්වතියක් වුනේ නෑ, මට තවමත් ඒ දේවල් වලට කල් තියෙනවා කියලා මට හිතෙනවා, මොකද විශේෂම හේතුව තමයි පවුලේ එකම දුව මම, මම ආදරේ කරන්න කෙනෙක් තෝරාගන්නේ මගේ දෙමාපියන්ගේත් සතුටගැන හිතලා, ඒ නිසා ආදරය කියන කොටස අනාගතයට බාරදීලා ඉන්නේ,”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *