දෙමල අපි කොන්කරන්නේ නැතුව එකට වාඩිවෙලා කෑම කන්න – අවසන් ගමන් ගිය දර්ශන් ධර්මරාජ් අවසන් වරට කියූ කතාව

ලංකාවේ සිනමාව කියන්නේ දවසින් දවස අලුත් නිර්මාණ කළා ලෝකයට එකතු කරන ගොඩක් සුන්දර ක්‍ෂේත්‍රයක්, ඒ වගේම තමයි පසුගිය දවසක ලාංකේය සිනමාපටයක් ජාත්‍යන්තර සම්මානයක්ද දිනාගත්තා, හැබැයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ලංකාවේ සිනමාවට සිදුවුණ විශාල පාඩුවක් ගැන ඒ තමයි ලංකාවේ සිංහල නිර්මාණ වලට සම්බන්ද වුන දමිල රංගන ශිල්පියන් අතලොස්සෙන් දක්ෂම රංගන ශිල්පියෙක් වන ධර්ෂන් ධර්මරාජ් අද සිය ජීවන රංගමඩලෙන් බැසගොස් තියෙනවා, ඒ හදිස්සියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන්, මේ අවාසනාවන්ත පුවත පිලිබඳ මුලින්ම ප්‍රකාශ කලේ පුෂ්පා සොයිසා මෙනවිය විසින්,

සිනමා නළුවෙකු වගේම ටෙලිනාට්‍ය නළුවෙකු ලෙස දර්ශන් ධර්මරාජ් රංගනයෙන් දායක වුන සියලුම නිර්මාණ වගේ අතිශය ජනාදරයට පත්වුනා, දර්ශන් ධර්මරාජ් පළමුව රූපවාහිනියට පිවිසෙන්නේ සිඩ්නි චන්ද්‍රසේකරගේ ‘ඒ-නයින්’ ටෙලි නාට්‍යය හරහායි, ඉන්පසු අශෝක හඳගම ගේ 2012 වසරේ තිරගතවුන ‘ඉනි අවන්’ සිනමා පටයට සිය රංගන දායකත්වය ලබාදෙනවා, එම සිනමාපටයේ රංගනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ චිත්‍රපට උළෙල කිහිපයකදී හොඳම නළුවා සම්මානයෙන් දර්ශන් ධර්මරාජ් පිදුම් ලබනවා

ඔබත් මමත් අපි හැමෝම ගොඩක් ආදරේ කල මෙම ධක්ෂ රංගධරයා වෘත්තීය වශයෙන් සක්‍රීය ලෙක කලාවට පිවිසෙන්නේ 2008 වසරේදී, ප්‍රභාකරන් චිත්‍රපටියෙන්. 2008 වසර වනවිට ධර්ෂන් ගේ සිංහල භාෂාව හැසිරවීම තරමක් දුර්වල වුනත් කාලයක් සමග ඔහු මනාව සිංහල භාෂාව හැසිරවීමට ඉගනගන්නේ සිනමාවට වගේම ටෙලිනාට්‍ය කලාවට තිබෙන උනන්දුව නිසා කියලයි වරක් ධර්ෂන් ප්‍රසිද්ධ මාද්‍යයේ ප්‍රකාශකර තිබුනේ,

ප්‍රභාකරන්, මචං, ඉර හඳ යට, ඉනි අවන්, මාතා, ස්පන්ධන, ආලෝකෝ උදපාදී, සුනාමි, දැවෙන විහඟුන්, ඇතුළු සිනමා නිර්මාණ විස්සකට ආසන්න සංඛ්‍යාවකට රංගන දායකත්වය ලබාදුන් ධර්ෂන් කලම්බු, රැල්ල වෙරළට ආදරෙයි, වැනි ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගන්න සමත්වෙනවා, සවසන් ගමන් යන්න කලින් ධර්ෂන් ඔහුගේ ජීවිතය ගැන ජනප්‍රිය යුටිබ් නාලිකාවකට සම්බන්ද වෙලා කිවුවේ මේ වගේ කතාවක් ”මගේ ගම රක්වාන, ලොකුවට ඉගන ගන්න තරම් අපේ පවුලට සල්ලි තිබ්බේ නෑ, මම නළුවෙක් වෙන්න ඕන නිසා සහ සල්ලි නැති නිසා රක්වානේ ඉඳන් කොළඹ ආවා, ඒ යුද්ධය තියෙන කාලයේ, ඒ කාලේ අපිට කවුරුවත් රැකියා දුන්නේ නෑ හැඳුනුම්පත්, උප්පැන්න සහතික, පොලිස් සහතික එක එක දේවල් ඉල්ලනවා, එකට වරදක් කියන්න බෑ ඒකාලේ කොහොමත් එහෙමයි නේ, ඉතින් ඒ දේවල් නැතුව මට කරන්න පුළුවන් වුන එකම ජොබ් එක තමයි නාට්ටාමි ජොබ් එක,

ඉතින් මම අවුරුදු දෙකහමාරක් මම නාට්ටාමි ජොබ් එක කළා, ඒ අතරේ කලාවට සම්බන්ද වුනා, ජීවිතේ ගොඩක් බරයි කියලා මම ඉගන ගත්තේ එතනින්, ඒ නිසා මට දැන් ලයිෆ් එකෙන් බර උස්සනවා කියන එක නතින්, අද මාව ගොඩක් අය දන්නවා, මම හැදුනේ සිංහල සිනමාවෙන්, සමහර වෙලාවට මාව දැකලා සිංහල අය ලඟට ඇවිත් කතා කරනවා තැමිල් අය දන්නේ නෑ මම තැමිල් නළුවෙක් කියලා, කොහොම වුනත් අද මට දෙන ඒ අත්පුඩියට විසිල් එකට මම ගොඩක් ණයගැතියි, මම කියන්නේ සිංහල දෙමල කියලා වෙනසක් තියෙන්න හොඳ නෑ, මුලින්ම මම හැමෝගෙන්ම ඉල්ලන්නේ ඔයාලා බත් එකක් ගෙනවානම් වැඩිපුර තව එකක් ගේන්නේ, පුළුවන් නම් දමිල අයත් එක්ක එකට වාඩිවෙලා කන්න, මොකද කෑම කද්දී තමයි කතාකරද්දී සහෝදර කමක් ඇතිවෙන්නේ, අපි හැමෝම එක ලේ තියෙන මිනිස්සු ඇයි අපිට එකාවගේ එක සහෝදරයෝ සහෝදරියෝ වගේ ඉන්න බැරි” කියලයි, ඉතින් අපි හැමෝම ආදරේ කරන දර්ශන් ධර්මරාජ් ඔබට නිවන්සුව ලැබේවා…!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *