මට ඕන මට ශක්තියක් වෙන අවංක ආදරේ කරන කෙනෙක් – තාමත් තනිකඩ සුරංගනාවිය ආශා එදිරිසිංහ

90 දශකයේ උපන් හැමෝම වගේ ගොඩක් ආදරේ කරපු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි ආශා එදිරිසිංහ කියන්නේ, ඒ වගේම එදා ඉඳන් අද වෙනකන් කළා ලෝකයේ ඉන්න අහිංසකාවිය විදියට කිරුළු පැළඳ ඉන්නේත් ආශා එදිරිසිංහ විසින්, කොහොම වුනත් මේ වනවිට ආශා රංගනයට තරමක් සමුදීලා ඉන්නේ, ඒ වගේම මේ වනවිට නිෂ්පාදිකාවක විදියට කළා ලෝකයේ සේවය කරනවා ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔබත් මමත් ගොඩක්ම ආදරේ කරන ආශා එදිරිසිංහ සමග, ඉතින් ආශා අපිට කියන්නකෝ ඔයා පොඩි කාලයේ ඉඳලම රංගන ශිල්පිනියක් වෙන්න හීන මාවුවද..? ”ඔව්, මම මගේ වයස අවුරුදු 11දී තමයි නර්තය පටන් ගත්තේ, ඉස්සර ඉඳලම මම නර්තනයට හරිම දක්ෂයි, ඒ කාලේ ළමා නිළියක විදියට වේදිකාවේ පොඩි පොඩි චරිත රඟපාලා තියෙනවා, ළමා නිලියක් විදියට ගෙවුන කාලය හරිම සුන්දරයි,”

නිෂ්පාදිකාවක විදියට ඔබට තියෙන සුදුසුකම් මොනවද ”මට කැලණිය විශ්වවිද්‍යාලයේ ටෙලිවිෂන් හා සිනමාව කරණය පිළිබඳව පාඨමාලාවක් තියෙනවා, මම විශ්වාස කරන දෙයක් තියෙනවා මේ ක්‍ෂේත්‍රය රැකගන්න නම් මෙවැනි පාඨමාලා හදාරා දැනුමෙන් හා ප්‍රායෝගිකව සන්නද්ධ වෙලා එන්න ඕන, මම නම් කිසිම අවස්තාවක ප්‍රවිණයන් සහ නවකයන් කියලා වර්ග කරන්නේ නෑ, ඒ හැමෝම එක්ක මම වැඩ කරන්න කැමතියි, ඒකට මුලික හේතුව තමයි ඇනලොග් සහ ඩිජිටල් කියන කාරණා දෙකයි. මේ දේ හොඳ අවබෝදයකින් නිර්මාණයකට යොදා ගත්තොත් අපේ කළා ක්‍ෂේත්‍රය හොඳ තැනකට ගන්න පුළුවන්, මම තවමත් කළා ක්‍ෂේත්‍රයේ මේ ගමන යන්නේ හැමෝගෙම උදවු උපකාර ඇතුව, ඒ වගේම තමයි මගේ අම්මගෙන් මට හොඳ සහයක් ලැබෙනවා”

ආදරේ ගැන මොකද හිතෙන්නේ..? ”මෙහෙමයි මම මගේ ජීවිතේ ආදරේ විඳලා නැහැ කියලා කියන්නේ නෑ, මම ආදරය හොඳට විඳලා තියෙනවා, ඇත්තම කියනවනම් මගේ ගමනට ඒ හැමදෙයක්ම ශක්තියක් වෙන්නේ නැත්තන් මම ඒ තැනින් අයින් වෙනවා, මගේ ජීවිතය ගැන කවුරු හරි අවබෝද කරගෙන මගේ ගමන යන්න උදවු කරනවානම්, මට ගොඩක් ආදරේ කරනවානම් යම් දවසක මගේ ජීවිතය වෙනස්වේවි කියලා මම හිතනවා”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *