කලාවට සම්බන්ද වෙලා ඉතාම කුඩා කාලයකින් හැමෝගෙම ආදරේ වගේම හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ, ඒ වගේම මේ වනවිට දිනිති නිරූපිකාවක විදියත් හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි, රංගනයට එන්න කලින් දිනිති සේවය කලේ ගුවන් සේවිකාවක් විදියට හැබැයි මේ වනවිට ඇය එම වෘත්තියෙන් තරමක් ඈත් වෙලා සම්පුර්ණයෙන්ම රංගනයට යොමුවෙලා ඉන්නේ, ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ දිනිති වල්ගමගේ එක්ක, ඉතින් දිනිති කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල බාරගත්ත වැඩ ටිකක් තියෙනවා, හැබැයි මේ දවස්වල මම ටිකක් අසනීප වෙලා ඉන්නේ සනීප උනගමන් ආයේ වැඩ පටන් ගන්නවා”
දිනිති ළමාකාලය ගතකලේ කොහොමද..? ඇත්තටම මගේ ළමා කාලය හරිම සුන්දරයි, ඒ කාලේ මට මම කෙල්ලෙක් කියලවත් මතක තිබ්බේ නෑ, ඒ කාලේ මම හරිට කොල්ලෙක් වගේමයි, මම සෙල්ලම් කළෙම මගේ අයියලා එක්ක, මගේ පොඩි අයියා මට වඩා අවුරුදු තුනක් වැඩිමල්, අයියගේ යාලුවන්ටත් මාව නංගි කෙනෙක් වගේ දැනුනේ නෑ මොකද එයාලා මට සැලකුවේ කොල්ලෙක්ට වගේ, මම ගාල්ලේ කෙල්ලෙක්, අපේ ගෙදර තියෙන්නේ ගාල්ලේ ටවුමෙමයි, ඉතින් ඒ නිසා ගැමි පරිසරයක සුන්දරත්වය මට පොඩිකාලේ වැඩිය අත්විඳින්න ලැබුනේ නෑ, හැබැයි ඒ කාලේ ගොඩක් සුන්දර විදියට වින්දා”
දිනිතිට පාසල් ප්‍රේමයක් තිබ්බේ නැද්ද..? ”මම ඉස්සර ටොම් බෝයි කෙනෙක් වගේ ඒ නිසා මට ඒ කාලේ කොල්ලෝ ගැන අදාලම නෑ, අනිත් කාරණය මට අයියලා තුන්දෙනෙක් හිටියනේ ඉතින් කොල්ලෝ බයයි මගෙක් කැමතිද අහන්නේ, වැඩිය ඕන නෑ කොල්ලෝ මගේ දිහා බලන්නත් බයයි මොකද අයියලා දැක්කොත් ගුටි තමා, වැඩිය ඕන නෑ අනවශ්‍ය කතා කියාගෙන ඇවිත් මගෙනුත් කොල්ලෝ හතරක් පහක් ගුටිකාලා තියෙනවා, හැබැයි මෙහෙමයි ඒ කාලේ මගේ හිතට දැනුන ප්‍රේමයක් තිබුනා, හැබැයි ඒක ඒකපාර්ශවික ප්‍රේමයක් ප්‍රේමයක් කියනවට වඩා ඒකට ගැලපෙන හරිම වචනය ආකර්ෂණයක් කියලයි මම හිතන්නේ”
හැබැයි දැන්නම් දිනිති කියන්නේ ආදරවන්තියක් ඇයගේ ආදරේ දිගන්න සමත්වුණ වාසනාවන්තයා තමයි සංගීත් සතරසිංහ කියනේ, ඉතින් මේ දවස්වල අසනීප වෙලා ඉන්න දිනිතිව අද සංගීත් එයාගේ අම්මගේ අතින් හදපු කෑම ටිකක් කවන්න එයාලගේ ගෙදරට එක්කගෙන ගිහින් ඉතින් ඒ පිලිබඳ සංගීත් මුහුණු පොතේ තිබ්බ සටහන තමයි මේ ”තැන්ක්ස් සෝ මච් එයාට සුව වෙන්න ප්‍රාර්ථනා කරපු හැමෝටම. අද දිනීගේ ලොකු අම්මි නාගදීපේ ගිහින්. අද දිනීට කන්න වෙන්නෙ කඩෙන්. ඉතින් මම හිතුවා එයාව අපේ ගෙදර එක්කන් ගිහින් අම්මිගෙන් කෑම චුට්ටක් කවනවා කියලා. ඊට කලින්. එයා ආස දේවල් ටිකක් තියෙනවා. එයා අසනීප වුණාම පොඩි බබෙක් වගේ. එයා ගොඩක් ආසයි මල්වලට.” කියලා, ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන දිනිතිට ඉක්මනටම සුව වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා