කළා ක්‍ෂේත්‍රයට පය තියලා ඉතාම කෙටි කාලයකින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ, ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ‘දෙව්මි’ ගේ චරිතයට පන පොවමින් ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන රංගන ශිල්පිනියක් බවට පත්වුන නයනතාරා මේ දවස්වල ‘සිනේමා’ සිනමා සිත්තමත් එක්ක නැවතත් නයනතාරා ප්‍රේක්ෂක ආදරය අලුත් කරගන්න සමත්වෙලා තියෙනවා, ඉතින් අද අපේ ආදරණීය කතාබහ නයනතාරා වික්‍රමාරච්චි සමග,
ඉතින් කොහොමද නයනතාරා, ඔයා සිනමා සිත්තමකින් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් නේද..? ”මම ගොඩක් සුවෙන් සතුටින් ඉන්නවා, මම මේ ක්‍ෂේත්‍රයට එන්නේ 2016 වසරේදී, මම අන්තිමට සම්බන්ද වුනේ 2017 වසරේ නිර්මාණය වුන ‘එක දවසක අපි’ කියන සිනමා නිර්මාණයට, සිනෙමා කියන්නේ මගේ දෙවෙනි දෙවෙනි සිනමා නිර්මාණය, හැබැයි මම සිනමාවට වැඩිය සම්බන්ද වුනේ නැතිවුනාට ටෙලිනාට්‍ය හරහා මම ප්‍රේක්‍ෂකයන් අතරට ආවා,”
හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මෙච්චර සුන්දර නයනතාර පෙම්වතියක්ද නැද්ද කියන එක ඇත්තටම නයනතාරා පෙම්වතියක්ද..? ”නැහැ තාම මම පෙම්වතියක් නෙවෙයි, හැබැයි එහෙම දෙයක් තියෙනවනම් මම නොකියා ඉන්නෙත් නෑ, මම හිතන විදියට ආදරය කියන්නේ අපි කවුරුවත් විශේෂයෙන් හිතන්න ඕන දෙයක් නෙවෙයි, ආදරය කියන්නේ අපි හදවතින්ම විඳින්න ඕන දෙයක්, මම කියන්නේ අපි ආදරේ හොයාගෙන යන්න ඕන නෑ හරි වෙලාව ආවම ආදරේ අපිව හොයාගෙන එනවා,”
මේ ආව ගමන ගැන සතුටුයිද..? ”ඇත්තම කියනවනම් මම මගේ ජීවිතය දිහා ආපස්සට හැරිලා බැලුවම මට දැනෙන්නේ ලොකු සතුටක්, ඇත්තම කියනවනම් මට අනුව කළා ක්‍ෂේත්‍රය කියන්නේ හරිම පූජනීය තැනක්. මම ඒ තැනට ගොඩක් ගරු කරනවා, ඒ විතරක් නෙවෙයි මම කළා ක්‍ෂේත්‍රයට ගොඩක් ආදරෙයි, මොකද මගේ ජීවිතේ මට ගොඩක් දේවල් ලබාදුන්නේ කළා ක්‍ෂේත්‍රය, මේ ක්‍ෂේත්‍රය මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂය කිව්වොත් නිවැරදියි.”