අපි මුම්බායිවලට පදිංචියට අවා – එක ගීතයකින් ලෝකයම ජනප්‍රිය වුන යෝහානි ද සිල්වා

ලංකාවේ නම ලෝකය ඉදිරියට අරගෙන ගියපු හැඩකාර දඟකාර කටකාර ගායන ශිල්පිනියක් තමයි යෝහානි ද සිල්වා කියන්නේ, ගීත ගායිකාවක විදියට ලංකාවේ ආදරේ දිනාගෙන හිටපු යෝහානි ලෝකෙම ජනප්‍රිය ගායිකාවක් වෙන්නේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා, එම ගීතය සමාජ මාධ්‍යට එකතු කරලා පැය හයක් යන්නත් කලින් නැරඹුම් වාර මිලියන තුන ඉක්මවා ගිහින් තිබුනා, ඒ වගේම මේ වනවිට ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ දැවැන්ත සිනමා නිර්මාණයක් වන ‘තෑන්ක් ගෝඩ්’ සිනමා පටයටත් මෙම ගීතය යොදාගෙන තියෙනවා, කාලයක් නිහඬව ඉඳලා නවත්ත ලෝකයම යෝහානි ගැන කතා වෙන නිසා අපි තීරණය කළා අද අපේ කතා බහට යෝහානිද සිල්වා එකතු කරගන්න, ඉතින් යෝහානි දැන් මොකද වෙන්නේ කොහොමද ජීවිතේ ”මම ගොඩක් හොඳින් ඉන්නවා, මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදය ප්‍රචාරණය වෙනවා, ඉතින් ඒ ප්‍රචාරණ වැඩත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා”

යෝහානිට මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර කොහොමද..? මෙහෙමයි ඇත්තම කියනවනම් මේ ගීතය හිතුවේ නැති විදියට ජනප්‍රිය වුන ඒ වගේම මේ ගීතයට හිතපු නැති ප්‍රතිචාර ලැබුනා, මේ හැම ප්‍රතිචාරයකම ගරුත්වය ලැබෙන්න ඕන මේ ගීතයේ සංගීත නිර්මාණය කල චමත්ටත්, මගෙත් එක්ක රැප් එක ගයනා කළ සතීෂාන්ටත්, පද රචනා කළ දුලාන්ටත්, මොකද ඒ අය නිසා තමයි අද මේ හැම ප්‍රතිචාරයක්ම මට ලැබෙන්නේ, ඒ වගේම සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවසරය දුන් හසිත්ටත් ගොඩක් ස්තුති වෙන්න ඕන, ඇත්තට මට හරිම සන්තෝසයි මේ ලැබෙන ප්‍රතිචාර ගැන”

යෝහානි පසුගිය කාලයේ ලංකාවේ හිටියේ නෑ නේද..? ”ඔව් මම සෑහෙන කාලයක් ලංකාවේ හිටියේ නෑ, මොකද මට රේකොඩින් වලට නිතරම ඉන්දියාවට යන්න අපහසු නිසා අපි මුම්බායිවලට පදිංචියට අවා. ඇත්තටම අපි ගොඩක් මහන්සි වුණා මේ දේ සාර්ථක කර ගන්න. එහි ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා.”

යෝහානිට සමාජ මාධ්‍ය හරහා විවිද ප්‍රතිචාර පලවෙනවා නේද..? ඉතින් ඒ ගැන මොකද හිතෙන්නේ ”මට ඉතින් ඒ ප්‍රතිචාරනම් අලුත් දෙයක් නෙවෙයි, පදනමක් නැති විවේචන මම නිහතමානීව භාරගන්නවා, ඒ වගේම මාව විවේචනය කරන දේවල් දිහා බලලා මගේ අඩුපාඩු හදාගන්නවා, හැබැයි ඉතින් ගොඩක් විවේචන පදනමක් නැති ඒවා, ඉතින් ඒවා ගණන් ගන්නේ නෑ”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *