වැඩ නෑ මම මේ දවස්වල ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්, – ජනප්‍රිය නිලි රුක්ෂනා දිසානායක

අපේ රටේ බොහෝ දෙනාගේ ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි රුක්ශානා දිසානායක කියන්නේ, මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක වන රුක්ශානා සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, රුක්ෂනා කොහොමද මේ දවස්වල ජීවිතේ ”ඇත්තම කියනවනම් මේ දවස්වල ජීවිතේ සුන්දර නෑ, හොඳින් ඉන්නවා කියන්නත් බෑ, බාධක කම්කටොලු දුක හිනාව සමග මම ජීවිතේ ඉස්සරහට යනවා, මොකද ජීවිතේ ප්‍රශ්න ආවා කියලා අපිට ජීවිතේ පස්සට යන්න බෑ නේ, ඉතින් මම ප්‍රශ්න බාදක එක්ක හෙමින් හෙමින් ජීවිතේ ඉස්සරහට යනවා”

මේ දවස්වල ඔයා සම්බන්ද වෙලා ඉන්න නිර්මාණ මොනවද..? ‘මේ දවස්වල මම රංගනයෙන් දායක වෙලා ඉන්න නීල පබළු නාට්‍ය විකාශනය වෙනවා, ඒ වගේම තව අලුත් නිර්මාණ කිහිපයක්ම ලැබිලා තියෙනවා, මේ වනවිට නිර්මාණ දෙකක රූපගත කිරීම්වලට සම්බන්ධ වුණා. පහුගිය දවස් කිහිපයක මම වේදිකා නාට්‍යක් සමග සම්බන්ද වුනා, ඒ නාට්‍ය කිහිප වතාවක්ම ප්‍රධර්ශනය කළා”

රුක්ශානා චරිතයක් තෝරාගන්නේ කොහොමද..? ”මම විශේෂ දේවල් බලන්නේ නැහැ, ලැබෙන චරිතයකට සාදාරණයක් කරන්න පුලුවන්ද කියලා විතරයි මම බලන්නේ, චරිතයක් ලැබුනට පස්සේ මම ඒ ගැන හොඳ අධ්‍යනයක නියැලෙනවා, දැන් ඉස්සර වගේ නෙවෙයි, මොකද තෝර තෝර රඟපාන්න තරම් නිර්මාණ අපිට එන්නේ නෑ, ඒ නිසා ඉතින් ලැබෙන නිර්මාණයකට සාදාරණයක් කරනවා, මම මේ වෙනකන් ප්‍රධාන චරිත කරලා තියෙන්නේ නිර්මාණ තුනක විතරයි, අනිත් ඒවා උප ප්‍රධාන චරිත, ඉතින මම උත්සහ කරන්නේ ලැබෙන හැම නිර්මාණයකට උපරිම සාදාරණයක් කරන්න”

ජීවිතේ ලැබිලා තියෙන දේවල් සහ නොලැබිලා තියෙන දේවල් ගැන මොකද හිතන්නේ, ”මගේ ජීවිතේ ලැබීම් වලට වැඩිය තියෙන්නේ නොලැබීම්, මගේ ජීවිතේ බලාපොරොත්තු කඩවීම් ගණන් කරන්න බැරි තරම් ගොඩක් තියෙනවා, හැබැයි මම ඒ කිසිම දෙයක් ගැන පසුතැවෙන්නේ නෑ, මම මගේ හැම පරාජයක්ම මම මගේ ජයමාවත කරගත්තා, ඒ නිසා මම කිසිම වෙලාවක ඒ දේවල් ගැන දුක් වෙන්නේ නෑ, ඉතින් ඒ ලැබුන පන්නරයෙන් මම ජීවිතේ හැම දෙයක්ම සාර්ථක කරගන්න උත්සහ කරනවා”

ආදරේට ජීවිතේ දීලා තියෙන ඉඩ කොයි වගේද..? ”මම මගේ ජීවිතේ ලොකුම ඉඩක් දීලා තියෙන්නේ ආදරයට, ඇත්තම කියනවනම් මම සම්පුර්ණයෙන්ම ආදරේ වෙනුවෙන් කැපවෙලා ඉන්න කෙනෙක්, ආදරේ නැත්නම් මගේ ජීවිතේ පුදුමාකාර විදියට හිස්බවක් දැනෙනවා, ආදරේ එක්කම තමයි මට හැමදේකටම ශක්තියක් ලැබෙන්නේ, මම විශ්වාස කරන දේ තමයි මේ ලෝකේ අපිට ආදරයක් නැත්නම් කිසිම දෙයක් කර ගන්න අමාරුයි. ඒ නිසා ලැබෙන ආදරේ පරිස්සම් කර ගන්න තමයි උත්සාහ කරන්න ඕන,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *