පහුගිය කාලයේ ලංකාවේ හැමෝම ගොඩක් ආසාවෙන් නරඹපු ටෙලිනාට්‍යක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ, මේ වනවිට නාඩගම්කාරයෝ නාට්‍ය විකාශනය වෙලා අවසන්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝම ආදරේ කරපු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ ටීනක්කි සමග, දුනේෂා ඔයා පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය වුනා, මොකද දැන් පේන්න නැත්තේ රංගනය එපා වෙලාද ”අනේ නැහැ මම මේ දවස්වල මගේ අධ්යාපනයට් මුල් තැන දීලා තියෙන්නේ ඒ නිසා මම ලැබෙන නිර්මාණ බාරගත්තේ නෑ, මේ වැඩ ඉවර වුනාට පස්සේ ආයෙමත් රංගනයට සම්බන්ද වෙනවා”
දුනේෂා මොනවද ඉගනගන්නේ ”මම මේ දවස්වල ෆාමසි කෝස් එකක් කරනවා, ඉතින් මම අනාගතයේදී ඒ පැත්තට යොමුවෙන්න හිතාගෙන ඉන්නේ, හැබැයි රංගන යකියන්නේ මගේ ජීවිතේ වගේ, ඒක මගේ ඇඟේම තියෙන දෙයක්, ඒ නිසා මම කීයටවත් රංගනයෙන් ඈත් වෙන්නේ නෑ, මගේ පොඩි කාලේ ඉඳලම ලොකු ටාගට් එකක් තිබ්බා ඩොක්ටර් කෙනෙක් වෙන්න, හැබැයි ඒ හීනෙට යන්න මට ලකුණු මදි වුනා, ඒ නිසා මම ෆාමසි කොස් එකක් කරලා නාගතයේ බෙහෙත් නිෂ්පාධනය කරන්න කැමැත්තෙන් ඉන්නවා, හැබැයි මොන දේ කලත් මම රංගනය අත්හරින්නේ නෑ,”
දුනේෂා කොහොමද රංගනයට පිවිසෙන්නේ ”මම මුලින්ම එන්නේ 2016 වසරේ ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරි තරඟය හරහා, එකෙන් මම අවසන් වටයට තේරෙනවා, 2017 වසරේත් ඒ තරඟයෙන් මම අවසන් වටයට තේරෙනවා, හැබැයි 2018 වසරේදී මම තුන්වෙනි තැන ලබා ගන්නවා, 2018 වර්ෂයේ මිස් ඩයමන්ඩ් ක්වීන් ලෙස අභිෂේක ලබනවා, 2019 වසරේදී රීජන්සි ක්වීන් වෙනවා එහෙම තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ,
පැජන්ට් වලින් දිනුවට අවුරුදු කුමරිය තරඟ වලින් දිනන්න බැරි වුනා නේද..? මෙහෙමයි නේ අවුරුදු කුමරිය තරඟයේදී බලන්නේ ලස්සන විතරයි, හැබැයි නිරූපිකාව විදියට පැජන්ට් එකකට ගියාම ඊටවඩා ගොඩක් දේවල් බලනවා, එතන මූනේ ලස්සන විතරක් මදි ඇඟේ හැඩය වගේම තව තව දේවල් ගොඩක් බලනවා, ඒකට බොහෝ කුසලතා තියෙන්න ඕන.”
රංගන ක්‍ෂේත්‍රයේදී ප්‍රශ්න ඇවිත් නැද්ද..? ”අම්මෝ ඕන තරම් ප්‍රශ්න ඇවිත් තියෙනවා, එක එක අයගේ පෞද්ගලික ප්‍රශ්න අරගෙන ඇවිත් අපට දාලා බුලි කරලා තියෙනවා, තැනකට යන්න හදද්දී එක එක කටකතා හදලා පලටම ඇදලා දැම්ම අයත් ඉන්නවා, හමයි මම විශ්වාස කරලා හිත කඩාගන්නේ ගන්නේ නැතුව ඉස්සරහට යනවා, මගේ මේ ගමන පිටිපස්සේ ඉන්නේ මගේ අම්මා, අවුරුදු කුමාරි තරගවලට ඉල්ලුම් කළෙත් එයාමයි. තාත්තගෙත් අකැමැත්තක් නැහැ. ඒ නිසා මට බයක් නෑ”