සාරංග වගේ සැමියෙක් ලැබුනේ මගේ පෙර පිනකට – සුරූපී රංගන ශිල්පිණී දිනක්ෂි ප්‍රියසාද්

කුඩා කාලයේ ඉඳන්ම මේ වෙනකන් හැමෝගෙම ආදරේ දිනාගෙන කළා ලෝකය තුල තමන්ටම ආවේනික අනන්‍යතාවයක් කෙටිකාලයකින් හදාගත් දක්ෂ රංගන ශිල්පිනියක් තමය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ, කොහොම වුනත් පසුගිය කාලයේ දිනක්ෂි රංගනය හරහා දකින්න හිටියේ නෑ, අවුරුද්දක නිහැඬියාවෙන් පස්සෙ දිනක්‍ෂි ප්‍රියසාද් ‘ලෝක’ ටෙලිනාට්‍ය එක්ක ආයෙමත් පුංචි තිරයට ඇවිත්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන දිනක්ෂි ප්‍රියසාද් එක්කක්, දිනක්ෂි ලෝක නාට්‍යයේ අසෙනිට ලැබෙන ප්‍රතිචාර කොහොමද ”ඇත්තම කියන වනම් ගොඩක්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා, ඒ අතර නරක ප්‍රතිචාරත් එකක් දෙකක් තියෙනවා, මිනිස්සු එක එක විදියයි නේ, ඉතින් මම හැම දෙයක්ම එක වගේ බාරගන්නවා”

අලුත් ආරාධානා එහෙම ලැබුනේ නැද්ද..? ”නැත්තෙමත් නෑ මම ලැබුන වැඩ වලින් මම බාරගත්තේ බොහොම පොඩි ප්‍රමාණයක් විතරයි, පහුගිය අප්‍රේල් මාසයේ සහ මැයි මාසයේ චිත්‍රපටයක රූගතකිරීම් වලට සම්බන්ද වුනා, මේ අවුරුද්දේ අන්තිමට හරි ලබන අවුරුද්දේ මුල ඒක තිරගත්වේවි කියලා හිතනවා, ඒ අයගෙම තවත් ෆිල්ම් එකකට ආරාධනා ලැබිලා තියෙනවා, ඒකෙ රුගතකිරීම් පටන්ගන්නේ ලබන අවුරුද්දේ පටන් ගන්නවා”

ඔබගේ ආදරණීය සැමියා, සාරංග දිසාසේකරව දකින්නේ කොහොමද..? ”ඇත්තම කියනවනම් මම සාරංග ගැන ගොඩක්ම ආඩම්බර වෙනවා, සාරංග කියන්නේ එයා කරන වැඩේට සියයට දාහක් කැපවෙන කෙනෙක්, මගෙත් එක්ක බලද්දී සාරංග කියන්නේ එයාගේ වෘත්තිය වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරන කෙනෙක්, ඇත්තටම සාරංග වගේ කෙනෙක් එක්ක විවාහ වෙන්න ලැබුන එක මගේ පෙර පිනක්, ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා”

දරුවාගේ වැඩ කටයුතු කරන්නෙත් ඔබේ අතින්මද…? එහෙම විශේෂයක් නෑ අපි දෙන්නම තමන්ට ඉඩ තියෙන විදියට දරුවා ගැන බලනවා, ඒ යුතුකම් අපි දෙන්නම පුළුවන් උපරිමෙන්ම ඉටු කරනවා, ඒ වගේම අපි දෙන්නගෙම ගෙවල් වලින් ලොකු උදවුවක් ලැබෙනවා, ඉතින් ඒ උදවුව නිසා තමයි මම ආයේ ක්‍ෂේත්‍රයට මෙච්චර ඉක්මනට එන්න පුළුවන් වුනේ, සාරංගත් මට කියන්නෙ ක්‍ෂේත්‍රයේ වැඩකරන්න කියල”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *