විවාහ වෙන්න ඕන හොඳට සල්ලි තියෙන පොහොසත් කෙනෙක්, බොරු සල්ලි කාරයෝ පේන්න බෑ – අනුශ්කි සහ කනුශ්කි

ලංකාවේ කාලෙන් කාලෙට විවිද නාලිකා වලින් විවිද ටෙලිනාට්‍ය විකාශනය වෙනවා, හැබැයි ඒ අතරින් ජනප්‍රිය වෙන්නේ ටෙලිනාට්‍ය කිහිපයක් පමණයි, ඉතින් එදා ඉඳන් අද දක්වා විකාශනය වුන හැම ටෙලිනාට්‍යක්ම ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රිය වුන ටීවී නාලිකාවක් තමයි ටීවී දෙරණ කියන්නේ. දෙවෙනි ඉනිම, සංගීතේ වගේ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ ටීවී දෙරණ නාලිකාව ළඟදී විකාශනය ආරම්භ කරපු ටෙලිනායක් තමයි ‘මල්පිපෙන කාලේ’ කියන්නේ, ඉතින් මේ ටෙලිනාට්‍ය ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ නාට්‍යයේ ප්‍රධාන නිලියන් දෙදෙනා, ඒ අනුශ්කි සහ කනුශ්කි, මේ දෙන්නා නිවුව්නු කියලා තමයි අපිට දැනගන්න ලැබුනේ, ඉතින් අද අපි කතා කරන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන අනුශ්කි සහ කනුශ්කි පිලිබඳ,

අනුශ්කි සහ කනුශ්කි දෙන්නම එකම වගේ, ඒ නිසා පාසල් කාලේ ඉඳලම මේ දෙන්නා අඳුරගන්න අපහසු වෙලා විවිද ගැටළු ඇතිවුනා කියලා අපිට දැනගන්න ලැබුනා, ඒ විතරක් නවෙයි පාසල් කාලයේ ඉඳලම අනුශ්කි සහ කනුශ්කි විලාසිතා කරන්නේ එකම විදියට ඒ වගේම තමයි මේ දෙන්නා හැසිරෙන්නෙත් එකම විදියට ඉතින් මේ හේතුව නිසා අනුශ්කි සහ කනුශ්කි වෙන වෙනම අඳුනගන්න ගොඩක් අමාරුයි, සහෝදරියන් වුනත් අනුශ්කි සහ කනුශ්කි ඉන්නේ හොඳම යාළුවන් වගේ අනුශ්කිගේ රහස් හැම එකක්ම කනුශ්කි දන්නවා, කනුශ්කිගේ රහස් හැම එකක්ම අනුශ්කි දන්නවා,

ඉතින් අපි අද කියන්නේ යන්නේ මේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න අනුශ්කිගේ සහ කනුශ්කිගේ ආදරේ ගැන, හැබැයි විස්තර හොයාගෙන යද්දී අපිට දනගන්න ලැබුනා අනුශ්කි සහ කනුශ්කි තාම තනිකඩයි කියලා, හැබැයි එයාලා දෙන්නම එයාලගේ සිහින ආදරවන්තයා ගැන කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම කැමති අවංක උගත් සල්ලි තියෙන කෙනෙකුට, මෙහෙමයි සල්ලි නැති කෙනෙක්ට අපිව මේන්ටේන් කරන්න බෑ, අපේ අම්මට තාත්තට සල්ලි තිබ්බ නිසා තමයි අපි හයදෙනක් මෙහෙම බලාගත්තේ, ඒ වගේම මට ආදරේ කරන්න ඕන, සමහර අය ඉන්නවා බොරු උගත් බොරු සල්ලි, මම නම් බුදු සාදු ලඟට ගිහින් ඉල්ලන්නෙත් බොරු උගත් බොරු සල්ලි කාරයෝ මට හම්බවෙන්න එපා, සල්ලි තියෙනවා වගේ පෙන්නගෙන අය ඉන්නවා නේ ඒ අය උපරිම මාසයයි අල්ලාගෙන ඉන්නේ ඊට පස්සේ තමයි ඒ අයගේ සැබෑ ස්වරූපය එලියට එන්නේ, මම නම් කියන්නේ එහෙම අය අපිට ලැබෙන්න එපා කියලා, මම ආදරේ කරන කෙනාට ඇත්තටම සල්ලි තියෙන්න ඕන, ඒ වගේම මගේ පවුලට හොඳට සලකන්න ඕන මොකද මාව මෙච්චර කල් බලාගත්තේ මගේ පවුලනේ ඒ වගේම එයාගේ පවුලත් ගොඩක්ම හොඳ වෙන්න ඕන” කියලයි,.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *