අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය වගේම සිනමා රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියන්නේ, ඒ වගේම පියුමි වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක විදියටත් ලාංකේය ප්‍රේක්ෂකයන් අතර ගොඩක්ම ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගත්ත පියුමි බොතේජු සමග, ඉතින් පියුමි අපි දකිනවා පහුගිය කාලයේ ඔබ රංගනයෙන් දායක වුනේ ප්‍රහසනාත්මක චරිත වලට විතරයි ඉතින් එක රාමුවකට කොටුවෙලා ඔබ කරගන්නේ ඔබ ගොඩනගාගන්න චරිතයට හානියක් නෙවෙයිද..? ”මෙහෙමයි ඒක මගේ වරදක් නෙවෙයි එක අපේ කළා ක්‍ෂේත්‍රයේ වරදක්, කවුරු හරි රංගන ශිල්පිනියක් හෝ රංගන ශිල්පියෙක් ප්‍රහසන චරිතයකට රංගන දායකත්වය ලබා දුන්නොත් ඒ අය ඒ චරිත වලටම කොටු කරනවා, ඒක වැරදියි”
අපි දකිනවා වර්තමානයේ සමාජ ජාලාවලින් ඔබ පිලිබඳ අසත්‍ය තොරතුරු රැසක් පලවෙනවා ඉතින් ඒ ගැන ඔබට හිතෙන්නේ මොකද්ද ”සමහර වෙබ් සයිට් ඒ වගේම සමහර යුටියුබ් නාලිකා කරන්නේ කිසිම ප්‍රමිතියක් නැති වැඩ, ගොඩක් අය කරන්නේ ජනප්‍රිය අයගේ කුණු හොයා හොයා කීයක් හරි හොයාගන්න එක, ජනමාධ්‍ය කියන්නේ හරිම උතුම් රැකියාවක් හැබැයි අද වෙනකොට සමහර තත්වයෙන් පහත වෙබ් සයිට්, යුටියුබ් චැනල් නිසා ඒ රැකියාවේ උතුම්බව නැතිවෙලා ඒ අයට කියන්න කියන්න තියෙන්නේ තමන් කරන රැකියාවේ ගරුත්වය ගැන හිතන්න”
ඉතින් ඒ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පියුමි මේ දවස්වල ඉන්නේ ගොඩක් දුකෙන් ඒකට හේතුව තමයි පියුමි බොතේජුගේ ආදරණීය තාත්තා හදිස්සියේ රෝහල් ගතකරලා ඉතින් ඒ නිසා පියුමි පල්ලි ගිහින් ඉතින් ඒ සම්බන්දව පියුමි සමාජ ජාලාවලට සටහනකුත් එකතු කරලා තිබ්බා ඒ ”ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ පිහිට ලැබේවා මගේ තාත්ත සුවපත් වේවා ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මගේ තාත්ති එක්ක ප්‍රතිකාර ලබන සියලු රෝගින් සුවපත් වේවා! දැඩිසත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන්ට හෙද සොයුරියන්ට ඔවුන්ගේ කාර්ය්‍ය භාර්‍ය කිසිදු වෙහෙසකින් තොරව කිරිමට සියලු ශක්තිය ලැබේවා හැමෝටම ජේසු පිහිටයි” කියලා, ඒ විතරක් නෙවෙයි අද පියුමි බොතේජු ශ්‍රී දළදා මාලිගාවටත් ඇවිත් ඒ අදාළ වත් පිළිවෙත් කරාලා බෝදිපුජාවකුත් තියලා, ඒ වගේම ‘ඉක්මනට නැගිටින්න තාත්තී ඔයා මගේ පන ඔයාගේ කටහඩ නැතුව මුලු ගෙදරම පාලුයි.’ කියලත් පියුමි සමාජ ජාලාවලට සටහනක් එකතු කරලා තිබ්බා, ඉතින් අපි හැමෝම ගොඩක් ආදරේ කරන පියුමිගේ තාත්තට ඉක්මනින් සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.