ලංකාවේ තිරගතවුන සිනමාපට අතරින් වඩාත්ම ජනප්‍රිය වුන සිනමාපටයක් තමයි සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්‍ෂණය කළ ‘හුස්ම’ සිනමාපටය, ඉතින් ‘හුස්ම’ කියන සිනමාපටය ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් තමයි චමත්කා ලක්මිණී කියන්නේ ඉතින් අද අපේ කතාබහ හැමෝගෙම ආදරේ කරන චමත්කා ලක්මිණී සමග, ඉතින් චමත්කා කොහොමද, කාලයක් නිහඬව ඉන්නවා නේද..? ”මෙහෙමයි මම බබා ලැබුනට පස්සේ කාලයක් රංගනයෙන් ඈත්වෙලා හිටියා, ඒ වගේම මම ෆිල්ම් ටිකක් කළා, මම කොහොමත් වැඩක් බාරගත්තම ඒ වැඩේ සියයට සියයක්ම ඒ වැඩේ ඉවරකරලා තමයි තවත් වැඩක් ගැන හිතන්නේ”
සැමියා සමග සහ පුතා සමග ගෙවන ජීවිතේ කොහොමද ”සැමියානම් ලංකාවේ නෑ, එයා සීමන් කෙනෙක් නිසා එයාගේ ජීවිතේ ඉතින් මුහුදේම තමයි, හැබැයි මම හිතනවා මම කරන වැඩ එක්ක මගේ පවුල මේ වනවිට යම්කිසි තැනක තියෙනවා, මට මගේ පවුලෙන් උපරිම නිදහස තියෙනවා, ඉතින් අනිත් කළා ශිල්පිනියන් එක්ක බලද්දී මට ඕනෑම රංගන පරාසයක රංගන දායකත්වය ලබාදෙන්න පුළුවන් සැමියත් කියලා තියෙන්නේ මට ඕන දෙයක් කරගන්න කියලා, එයත් මට මගේ ගමන යන්න ගොඩක් උදවු කරනවා, ට ඕනෑ වයසකදී මට ඕනෑ චරිතයක් රඟපාන්න සැමියා මට නිදහස දීලා තියෙනවා”
චමත්කා කියන්නේ ඇත්තටම මොනවගේ චරිතයක්ද ”මෙහෙමයි මට ටිකක් කේන්ති යනවා, හැබැයි ඒ කේන්තිය තියෙන්නේ බොහොම පොඩි වෙලාවක් විතරයි, එක මාව ආශ්‍රය කරන යාළුවො හැමෝම දන්නවා, මට වැඩියෙන්ම කේන්ති යන්නේ බොරු කරනවා දකිද්දී, එහෙම නැතුව මම නිතරම කේන්තියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි, මම හැමෝම එක්ක හිනාවෙලා ඉන්න චරිතයක් හැබැයි බොරු කරනවා දකිද්දී මම කාලි අම්මා වගේ තමා”
සැමියා ඉන්නේ මුහුදේ චමත්කා ඉන්නේ ගොඩබිමේ, ඉතින් එහෙම දෙපලක ගෙවෙන ජීවිතේ කොයි වගේද..? ”අපි දෙන්නා අතර තියෙන විශ්වාසය තියෙන්නේ නූලක් වගේ හිඩැසකින්, මමත් මගේ සැමියත් බැඳීම් වලට බය අය නෙවෙයි, ඒ වගේම තමයි මම මහා ලොකු බැඳීම් තියාගෙන ඉන්න කැමති කෙනෙකුත් නෙවෙයි, මම මගේ දරුවන් එක්කවත් අනිත් අම්මලා වගේ ලොකු බැඳීමක් තියාගෙන නෑ, මම කරන වැඩ එක්ක එහෙම බැඳීම් තියාගෙන බෑ”