විවිද බාධක, නින්දා අපහාස මැද්දේ තමයි මම මේ ගමන ආවේ – කැරොලයින් ජූරි

ලෝක විවාහක රූ රැජින ලෙස හැමෝගෙම ආදරේ දිනාගත්ත සුන්දර වගේම ආදරණීය චරිතයක් තමයි කැරොලයින් ජූරි කියන්නේ, ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ, කැරොලින් ඔබ දැන් කලින් කරගෙන ගිය සමාජ සේවා කටයුතුවලින් ඈත් වෙලාද..? ”නැහැ මම කවදාවත් ඒ දේ නතර කරන්නේ නෑ, මම දිගටම සමාජ සේවා ව්‍යාපෘති වල මම දිගටම නිරත වෙලා ඉන්නවා, හැබැයි මම අනිත් අය වගේ නෙවෙයි මම මම ඒ වගේ තැන් වලට යනකොට අනිත් අය වගේ කැමරා අරගෙන යන්නේ නෑ, මම ඒ දේවල් ප්‍රසිද්ධ කරන්නේවත් සමාජ ජාලාවලට දානේවත් නෑ මොකද ඒක ඒ අයට කරන අගෞරවයක් ඒක”

කැරොලින් කාලයක් පේන්න හිටියේ නෑ මොකද කැරොලින් දැන් වැඩිය සමාජය ඉදිරියට එන්නේ නැත්තේ ”මම කාලයක් නිහඬව හිටියා, ඒ කාලේ මම සැලසුම් කිහිපයක සහ අධ්‍යයනයන් කිහිපයක නිරත වෙලා හිටියේ, මම සාමාන්‍යයෙන් මොකක් හරි කරන්න කලින් ඒ ගැන ඉගෙන ගන්නවා. අපි දෙයක් කරන්න සැලසුම් කරනවානම් ඒ ගැන සියයට සියයක්ම අවදායන යොමුකරන්න ඕන, ඒ දේ හරියට කරන්න ඕන, නිහඬතාව කියලා ඔබ දකින්නෙ මගේ පෙර සූදානම. ඒ තමයි කැරොලයින් ජූරිගේ හැටි”

ඔබේ වැඩ වලට පවුලෙන් ලැබෙන සහය කොහොමද..? ”මට මගේ පවුලේ අයගෙන් විතරක් නෙවෙයි මගේ සැමියා නිශාන් ගේ පවුලේ අයගෙනුත් මට ලොකු සහයක් ලැබෙනවා, ඒ වගේම තමයි මගේ ගමන යන්න නිශාන් මට ලොකු සහයක් දෙනවා, ඒ වගේම එයා මාව දිරිමත් කරනවා, ඇත්තටම ඒක මට ලොකු හයියක්, ඒ ශක්තිය නිසා තමයි අද මම යම් තැනක ඉන්නවනම් ඉන්නේ, අපේ දුවට තාම අවුරුදු පහයි, හැබැයි එයාටත් තේරෙනවා මට ගොඩක් වැඩ තියෙනවා කියලා, ඇත්තටම මම වෙනුවෙන් නිශාන් ලොකු කැපකිරීමක් කරනවා”

ගෙවුන ජීවිතය ගැන ආයේ හැරිලා බැලුවම මොකද හිතෙන්නේ ”ඇත්තටම ගොඩක් සතුටුයි, මේ දක්වා ආව ගමන හරියට ගල් පර වලින් පිරිණු ගඟක් වගේ. ජීවිතය පුරාම විවිද බාධක මැද්දෙ, නින්දා අපහාස මැද්දේ, ඉතින් මම ආපසු හැරිලා බැලුවම මේ ආපු ගමන ගැන ගොඩක් සතුටු වෙනවා, මම හිතුවටත් වඩා මේ ගමන මට එන්න පුළුවන් වුනේ ඒ බාදක නිසා, මොකද ඒ දේවල් මගේ ආත්ම විශ්වාසය වැඩිකලා”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *