මම එක ඇඳුමක් අඳින්නේ එක පාරයි – හින්දි නිළියන්ටත් වඩා සුන්දර පියුමි සිරිනායක

දුටුවන්ගේ සිත් වශී කරගන්න සමත්වුණ ආදරණීය රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ, මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාෂනයවන පාරදිගේ ටෙලිනායයේ විලන් කැරැක්ටර් එකට රංගන දායකත්වය  ලබාදෙන්නෙත් පියුමි ශ්‍රී නායක විසින්. ඇය මෙම ටෙලි නාට්‍ය සමග බොහෝ රසික ආදරය දිනාගත් අයෙකි. ඉතාමත් ‌කටුක පාරක් දිගේ පැමිණි ඇය මේ වනවිට ක්ෂේත්‍රය තුළ යම් කිසි තැනක් සාදා ගැනීමට අවංකව සහ කැපවීමෙන්ති මහන්සි වූ අයෙකි. ඇයගේ කැපවීම සහ උත්සහය තුල රංගන දිවිය සාර්ථක මට්ටමකට ඇය ගෙන එනු ලැබීය. එම හේතුවෙන් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ හැමෝම ආදරේ කරන පියුමි ශ්‍රීනායක සමග. ඉතින් පියුමි කොහොමද ජීවිතේ මොකද කරන්නේ මේ දවස්වල ”මේ දවස්වල පාරදිගේ නාට්‍ය සමග සම්බන්ද වෙලා ඉන්නවා, ඊට අමතරව තව වැඩ කිහිපයක් කරගෙන යනවා, ඒ විදියට තමයි ජීවිතේ ගෙවෙන්නේ”

පියුමි අපි දකිනවා ඔබ කරන විලාසිතා හැමෝගෙම ආකර්ෂණයට ලක්වෙනවා, ඒකට තියෙන විශේෂ හේතුව මොකද්ද ”ඒකට විශේෂම හේතුව තමයි මම නිතරම පිළිවෙලට ඇඳුම් අඳිනවා, ඒ හේතුව නිසාම ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියන් පවා මගේ විලාසිතා අනුකරණය කරනවා, පිළිවෙලට ඇඳුම් අදිනවට අමතරව මම ඇඳුමේ වර්ණය වගේම හැඩය ගැනත් මම ගොඩක් සැලකිලිමත් වෙනවා”

ඔයා වැඩිපුරම කැමති කාගේ විලාසිතා වලටද ”මම වැඩියෙන්ම කැමති බොලිවුඩ් රැජින දීපිකා පදුකෝන්ගේ විලාසිතා වලට, ඇත්තම කියනවනම් විශේෂ අවස්ථා වලට යද්දී මම දීපිකාගේ විලාසිතා ඒ විදියටම කරන්න උත්සහ කරනවා, දීපිකාට අමතරව ආලියා බාත් සහ ජාන් බී කපූර්, ප්‍රියංකා චොප්රා කරන විලාසිතා වලටත් මම ගොඩක් ආසයි, ඒ විලාසිතා අනුකරණය කරන වෙලාවලුත් තියෙනවා”

ඔයාටම ආවේනික විලාසිතා කරන්නේ කොහොමද තව කාගෙන් හරි සහයක් ලබාගන්නවද..? ”මම අඳින ගොඩක් ඇඳුම් නිර්මාණය කරන්නේ දක්ෂ කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක් වන රුවන් චාමර මල්ලි එයා ඩිසයින් කරන එක ඇඳුමක් මම අඳින්නේ එක පාරයි, ඒ නිසා එයා අතින් මට ඇඳුම් ගොඩක් නිර්මාණය කරනවා, මගේ ලස්සන වීමේ තවත් රහසක් තමයි ඒක”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *