නර්ථනය නිසා හැමෝම අතර ජනප්‍රිය වුන ධක්ෂ නර්ථන ශිල්පිනියක් තමයි දමිත්‍රි සුබසිංහ කියන්නේ. කොහොම වුනත් මේ දවස්වල ඇය ගොඩක්ම ජනප්‍රිය වෙලා ඉන්නේ ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන ඉස්කෝලේ නාට්‍යයේ විහාරා ටීච විදියට. ඇය සමාජ මාධ්‍ය තුළද කැපී පෙනෙන චරිතයක් වී හමාරයි. නර්ථනයට ඉතාමත් දක්ෂ ඇය ඇයගේ නර්ථන හැකියාව සමාජ මාධ්‍ය ඔස්සේද දැක බලා ගැනීමට හැකියාව තිබේ. එම කාරණා නිසා ඇය වටා එක්රොක් වී සිටින රසික පිරිස ඉතාමත් විශාලයි. ඉතින් මේ දවස්වල ලංකාවේ බහුතරයක ආදරේ දිනාගෙන ඉන්න ධක්ෂ රංගන ශිල්පිනියක වන දමිත්‍රි සුබසිංහ සමගයි අද අපේ කතාබහ, ඉතින් දමිත්‍රි මොකද වෙන්නේ මේ දවස්වල ”විශේෂයක් නෑ ඉස්සර වගේම ඉතින් දෙරණ නාලිකාවේ විකාශනය වන ඉස්කෝලේ නාට්‍ය එක්ක තමයි වැඩිපුරම කාලය ගතකරන්නේ, ඊට අමතරව මගේ ඉගන ගැනීමේ වැඩත් එක්ක මගේ නැටුම් පන්තියේ වැඩ ටිකක් ශේප් එකේ කරගෙන යනවා,
දිමිත්‍රි අද ඉන්න තැන ගන මොකද හිතෙන්නේ ”අද විහාරා කියන චරිතය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා, ඒ වගේම මට පසුගිය රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියම නිළියන් අතරින් අවසන් පස්දෙනා අතරට එන්න අවස්තාව ලැබුනා, ඇත්තටම නිලියක් වෙන්න මම හීන දැකපු කෙනෙක් නෙවෙයි, මම නිලියක් වෙන්න කලින් වෘත්තියෙන් පෞද්ගලික බැංකු නිලධාරිනියක්. ඉතින් ඒ රාජකාරි වැඩ අතරේ තමයි මම රංගන කටයුතුවලට සම්බන්ද වුනේ, ඒ වැඩ එක්කම තමයි මම ඩාන්සින් වැඩ කලෙත්, ඉතින් මේ ආව ගමන ගැන ඇත්තටම ගොඩක්ම සන්තෝසයි,”
දිමිත්‍රි දැම්ම විවාහ වෙන්න අදහසක් නැද්ද, පෙම්වතෙක් ඉන්නවද..? ”ඔව් මම පෙම්වතියක්, එයා මගේ පෙම්වතා වෙන්න කලින් එයා තමයි මගේ හොඳම යාළුවා එයාගේ නම කේසර එයා බැංකු ක්ෂේත්‍රයේ රැකියාවේ නියැලෙනවා, අපි කාලයක් එකට වැඩ කළා, 2021 සිරස අවුරුදු කුමරා තරගයේ දෙවැනි ස්ථානය දිනුවේ එයා මට වගේම එයාටත් රංගනයට ආරාධනා ලැබුනා, හැබැයි එයා තෝරාගත්තේ එයාගේ රැකියාව, හැබැයි මම මේ ක්ෂේත්‍රයේ ඉන්නවට එයාගේ කිසිම අකමැත්තක් නෑ, ඉතින් අපි දෙන්නා ඉක්මනටම විවාහ වෙන්න ඉන්නේ”