90 දශකයේ ඉඳන් වර්තමානය දක්වා තරුණ හදවත් ආදරෙන් දිනාගෙන ඉන්න ගායන ශිල්පියෙක් තමයි අජිත් මුතුකුමාරණ කියන්නේ. ඔහුගේ ගීත ප්රමාණය පිළිබඳව අදට බොහෝ දෙනාට හිතා ගන්න බැරි දෙයක් වෙලා. 90 දශකයේ වැඩිම ගීත නිර්මාණ අයිතිය ඇත්තේ ඔහුටයි. ඒ හේතුවෙන් කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වුණ අජිත් මුතුකුමාරණ සමගයි අද අපේ මේ කතාබහ, ඉතින් අජිත් කොහොමද, පහුගිය කාලේ කළා ලෝකයෙන් වැඩිය දැක්කේ නෑ මොකද වුනේ ”මම ගොඩක් සතුටින් සුවෙන් සතුටින් ඉන්නවා, පහුගිය කාලයේත් මම කලාවට සම්බන්ද වෙලා හිටියා, මම කලාව නැවැත්තුවේ නෑ, තාවකාලිකව මම පොඩි හුස්මක් ගත්තා, දැන් මම ආයේ වැඩේට සන්නද්ධ වෙලා ඉන්නේ”
ඒ කාලේ අජිත් ගැහැණු ළමයින්ගේ සිහින කුමාරයා වෙලා හිටියා නේද..? ”මෙහෙමයි මගේ ගීත සරලයි. මම ඕන තරම්, අපි හැමෝම ජීවත් වෙන්නේ වෙනම ලෝකෙක, අපි විඳින සහ විඳවන තැන් තියෙනවා, සින්දු එක්දහස් දෙසීය ගානක හිමිකරුවෙක් මම, ඉතින් එක්කෙනෙක්ට හරි එයාගේ ජීවිතේ සිදුවීමක් ඒ ගීත වල තියෙනවා, මම විශ්වාස කරන දෙය තමයි මගේ ජනප්රියත්වය තියෙන්නේ මගේ අතේමයි, ඉතින් මම සිහින කුමාරයෙක් වුන එකගැන මට පුදුමයක් නෑ, ඒ වගේම මගේ ආදරණීය ප්රේක්ෂකයෝ මාව අත් හරියේ නෑ”
ඒ කාලේ ලියුම් එහෙම ගොඩක් එන්න ඇති නේද ”ඒ කාලේ විතරක් නෙවෙයි තාම එනවා, හැබැයි දැන් වැඩියෙන් එන්නේ මැසේජ්, ඉතින් ඒ ප්රේක්ෂකයන්ගේ කරමතින් තමයි මම මේ ගමන ආවේ ඇත්තටම ගොඩක් ස්තුතියි ඒ අයට, එදා වේදිකාවේ තිබ්බ තැන අදත් මට ඒ විදියටම තියෙනවා, අවුරුදු පහක් මගේ සින්දු ඇහුනේ නෑ නේ, දැන් අලුත් බෑන්ඩ් එකේ කොළඹ එක මල්ලි කෙනයි ඉන්නේ අනිත් ඔක්කොම දකුණෙන් ගත්තේ, එයාලගේ අනාගතේ තියෙන්නේ මගේ අතේ, යම් යම් කාලවලදී එක එක දේවල් සිද්ද වුනා, ඒ වෙලාවට මම කලේ නිහඬව ඉන්න එක, නොගැලපෙන තැන්වලින් ඉවත් වෙන එක තමයි හොඳම දේ, අඩියක් පස්සට ගත්තට ඒක ලොකු වාසියක් කියලයි මට හිතෙන්නේ”’