දුව ගැන හිතලා දැන් මම කොටට අඳින්නේ නෑ – ජනප්‍රිය නිලි රොෂානා ඔන්ඩච්චි

රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දින්නාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි රොෂානා ඔන්ඩච්චි කියන්නේ, ලංකාව තුල අතිශය ජනප්‍රිය වුන ටෙලිනාට්‍ය රැසකට ඇය සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන රොෂානා ඔන්ඩච්චි ගැන, ඉතින් රොෂානා ඇත්තටම රොෂානා කියන්නේ කවුද..? ”මම යකඩ ගැහැනියක්, මම මගේ ජීවිතේ හොඳම කාලේ ගොඩක් දුක් වින්ද කෙනෙක්. හැබැයි මම අද ගොඩක්ම හොඳ තැනක ඉන්නවා, හැබැයි ඒ සමාජයේ නරක විදියට ඉඳලා නෙවෙයි මම මගේ ජීවිතේ ගොඩනගාගත්තේ හරි විදියට, ඉතින් මට ආඩම්බරයි ඒ ගැන”

රොෂානා විලාසිතා තෝරාගැනීමේදී සැලකිලිමත් වෙන්නේ කොහොමද..? ”මෙහෙමයි මම ඉස්සර ගොඩක් විලාසිතා කළා, කොටට ඇන්දා එක එක ෆැෂන් කළා, ඉතින් දැන් ඒ කාලේ ඉවරයි මට දැන් ඇඳුම් තොරලා දෙන්නේ මගේ දුව, කාලයක් මම මෝස්‌තර නිරූපිකාවක විදියට වැඩ කළා, හැබැයි දැන් දුව නිසා හොඳට තෝරලා බේරලා තමයි ඇඳුම් අඳින්නේ, මොකද අපි විලාසිතා කළා වගේ නෙවෙයි ළමයි ගැනත් හිතන්න ඕන නේ, හැබැයි ඉතින් මම කැමති මට පහසු විදියේ ඇඳුම් අඳින්න”

රොෂානා ජීවත් වෙන්නේ දුවත් එක්ක තනියම ඉතින් මේ ගෙවෙන ජීවිතේ කොහොමද දැනෙන්නේ..? ”දරුවෙක් එක්ක කාන්තාවක් තනිවුනාම සමාජයේ ගොඩක් අය ඒ කාන්තාව දිහා බලන්නේ හරිම නරක විදියට, හැබැයි අපි නිතරම හොඳට ඉන්නවනම් ඒ දේවල් අපිට අදාළ වෙන්නේ නෑ, මම දුවට උනත් කියන්නේ කවදාවත් කාටවත් අපේ මූනට ඇඟිල්ල දික් කරන්නේ නැති විදියට ජීවත් වෙන්න කියලා, මම මගේ දුවට ගොඩක් ආදරෙයි ඉතින් මට ඕන මගේ දුව කාගෙන්වත් වචන අහන්නේ නැති විදියට හදන්න,”

රොෂානා ලැබෙන හැම චරිතයක්ම බාර ගන්නා නිළියක්ද ”නැහැ මම මට ලැබෙන හැම චරිතයක්ම බාරගන්නේ නෑ, තෝරලා බේරලා හොඳම චරිත වලට විතරයි මම රංගන දායකත්වය ලබාදෙන්නේ, මගේ වෘත්තීය රංගනය ඉතින් මම රඟපාන්න ඕන හැබැයි දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට එහෙම බෑ, ඉතින් හැමදේම ගැන හිතලා මට සුදුසු චරිත වලට මම මගේ රංගන දායකත්වය ලබාදෙනවා”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *