අපි ගොඩක් ආසාවෙන් හිටියේ පුතෙක්ට අනේ ඒත් අපිට ලැබුනේ දුවෙක් – සුරූපී නිලි නිපුණිකා හේවාගමගේ

පහුගිය කාලයේ ලංකාවේ හමොගෙම් ආදරේ දිනාගෙන හිටපු සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිපුණිකා හේවාගමගේ කියන්නේ, කොහොම වුනත් දැන් ඇය වැඩිය කළා ලෝකයේ පෙන්න නෑ, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔබත් මමත් ගොඩක් ආදරේ කරන නිපුනිකා සමග, නිපුනිකා මේ වනවිට විවාහ වෙලා ඉන්නේ ඒ වගේම මේ වනවිට නිපුනිකා කියන්නේ ආදරණීය මවක්, ඉතින් නිපුනිකා කියන්නකෝ බලන්න දැන් චුටි දුවගේ විස්තර ටිකක් ”අපේ පුංචි දෝනිගේ නම කායා දිසානායක. ඒ වගේම දැන් චූටි දුවට වයස මාස නවයයි. ඇත්තටම අපි දෙන්නම ගොඩක් ආසාවෙන් හිටියේ පුතෙක්ට, ස්කෑන් කරලා බලද්දී ඩොක්ටර් කිවුවා අපිට ලැබෙන්න ඉන්නේ දුවෙක් කියලා,

හැබැයි ඇත්තටම අපි ඩොක්ටර් කියපු දේ විශ්වාස කලේ නෑ, මොකද ඒ තරමටම අපි පුතෙක් ලැබෙනවට ගොඩක්ම ආසාවෙන් හිටියේ, අනේ ඒත් අපිට ලැබුනේ දුවෙක්, ලහිරුගේ නංගියි මගේ අම්මයි විතරයි අපිට ලැබෙන්නේ දුවෙක් කියලා විශ්වාස කලේ, අනිත් හැමෝම හිතුවේ අපිට ලැබෙන්න ඉන්නේ පුතෙක් කියලා, හැබැයි දුව අපේ ලඟට ආවම මට දැනුනේ අපේ ජීවිතේ දැන් සම්පුර්ණයි කියලා, එයා ගොඩක් ලස්සන හුරතල් බෝලයක් වගෙයි මම දැක්කේ ඉතින් මට ගොඩක්ම සතුටුයි ඒ ගැන”

නිපුනිකා මවු පදවිය ලබද්දී ලහිරුත් ළඟ හිටියා නේද..? ”ඔව් අපි අපේ දුව ඉපදුනේ පෞද්ගලික රෝහලක, ඉතින් ඒ නිසා මගෙත් එක්කම මගේ ලඟින් ඉන්න ලහිරුට පුළුවන් වුනා, ඩිලිවරි එක වෙන්න ඩොක්ටස්ලා දීපු දවසට සතියකට කලින් ගෙදරදී මට පොඩි පේන් එකක් ආවා, මගේ හස්බන්ඩ් ගේ චූටි අම්මා හෙදියක්, ඉතින් එයාට කෝල් එකක් දීලා අපි රෝහලට ගියා, කොහොම හරි එහෙම ගිහින් පැය දොළහකට විතර පස්සෙ සාමාන්‍ය දරු උපතකින් දුව අපෙ දෝතට ලැබුණා, ඒ වෙලාවේ ලහිරු මගේ ලඟින් හෙල්ලුනේ නෑ, එයා හරිම සංවේදී කෙනෙක්. එයා ළඟ හිටපු නිසා මට බයක් දැනුනේ නෑ”

දැන් පුංචි දෝනි කොහොමද..? දැන් අපේ දෝනි හරිම දඟ මල්ලක්, අපි මුල ඉඳලම පුතෙක් බලාපොරොත්තු උන නිසාද දන්නේ නෑ එයා පුතෙක් වගේම දඟයි, ඒ වගේම එයා හරිම හ උරතල් දේවල් තමයි කරන්නේ, දවසින් දවස අලුත් දේවල් ඉගන ගන්නවා ඉතින් ඒ දිහා බලාගෙන ඉද්දී හිත නිවෙනවා, අපි පදිංචි වෙලා ඉන්නේ ලහිරුගේ ගෙදර, ඒ නිසා අපේ දුවට ආදරේ අඩුවක් නැතුව ලැබෙනවා, ආත්තම්මයි සීයයි උදේට නැගිටින්නෙ එයාගේ හුරතල් වැඩවලින්. ඒ වගේම අපි නින්දට යන්නෙත් එකෙමයි එයා නිසා අපේ හිත් වගේම මුළු ගෙදරම පිරිලා”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *