ඔබත් මමත් ගොඩක් ආදරේ කරන සුන්දර රංගන ශිල්පිනියක් තමයි විනූ උදානි සිරිවර්ධන කියන්නේ, කොහොම වුනත් විවාහයෙන් පස්සේ විනු කළා ක්‍ෂේත්‍රය හරහා වැඩිය දකින්න ලැබුනේ නෑ, ඉතින් කාලයක් කලාවට පුංචි විරාමයක් දීලා ඉන්න විනූ සමග කතා කරන්නයි අද අපේ මේ සූදානම ඉතින් විනූ ඔයා විවාහ වුනාට පස්සේ එන්න එන්නම ලස්සන වෙනවා මොකද්ද ඔය සුන්දරත්වයේ රහස ”හැමෝම කියනවා මම විවාහ වුනාට පස්සේ ලස්සන වෙලා කියලා මම නම් හිතන්නේ මගේ ලස්සන වීමේ රහස තමයි මගේ සැමියාගෙන් ලැබෙන අසීමිත ආදරය, එයා එක්ක සතුටින් ඉන්න තරම් මම වාසනාවන්ත වුනා”
අපි දකිනවා විනූ ගොඩක් ලස්සන විදියට විලාසිතා කරනවා, ඒ වගේම ඒ විලාසිතා වලට ගොඩක් අය ආකර්ෂණය වෙනවා, මොකද්ද ඒකට හේතුව, ”මට හිතෙන විදියට ඒකට ප්‍රධානම හේතුව තමයි මම කරන විලාසිතා තෝරාගන්න විදිය, මම ගොඩක් වෙලාවට ඇඳුම් අඳින්නේ තෝරාබේරාගෙන, විවාහ වෙන්න කලින් නම් මම මට ඕන විලාසිතා කළා හැබැයි දැන්නම් මම අඳින පළඳින ඇඳුම් තෝරලා දෙන්නේ මගේ හස්බන්ඩ් කොටින්ම කියනවනම් මගේ නයිට් ඩ්‍රෙස් එක පවා සිලෙක්ට් කරන්නේ එයා, එයාට ලස්සනට කලර් මැචින් පුළුවන්, මමත් හරිම ආසයි එයා සිලෙක්ට් කරන ඇඳුම් අඳින්න”
විලාසිතා අනුව කෙනෙක්ව මනින්න පුළුවන් කියලද විනූ ඔයා හිතන්නේ ”මම හිතන්නේ කීයටවත් එහෙම කරන්න බැහැ කියලා, අපි කෙනෙක්ව මනින්න ඕන ගතිගුණ වලින්, මොකද අපේ සමාජයේ සුදු අඳින කළු චරිත වගේම කළු අඳින සුදු චරිතත් ඉන්නවා, ඉතින් කෙනෙක්ගේ බාහිර ස්වරුපයෙන් ඒ පුද්ගලයා මනින්න බෑ, ඇත්තටම අපි කෙනෙක්ව එහෙම මනින්නත් හොඳ නෑ,”
ෆැෂන් කරන්න ගිහින් අකරතැබ්බ එහෙම වෙලා නැද්ද විනූ ඔයාට ”කටු ගැලවෙනවා සපත්තු ගැලවෙනවා වගේ ඒවා තමයි වෙලා තියෙන්නේ, මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා උත්සව අවස්ථා වලට එන කාන්තාවන්ගේ හීල්ස් ගැලවෙනවා ඉතින් මම කරන්නේ ඒ වගේ තැනකට හීල්ස් දාලා යද්දී සුපර් ග්ලූ එකක් හෑන්ඩ් බෑග් එකට දාගෙන යනවා, මගේ නැතත් ළඟ ඉන්න කෙනෙක්ගේ හීල්ස් එකක් ගැලවුනොත් හෙල්ප් කරන්න පුළුවන්නේ,