මගෙයි කස්තුරිගෙයි ආදර කතාවට දැන් අවුරුදු 4 ක් වෙනවා – සංගීත තම ආදර කතාව ප්‍රසිද්ධ කරයි

පුංචි තිරයට පායපු තරුවක් විදියට නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් වන සංගීත් ප්‍රභූ හදුන්වන්නට පුලුවන්. ඔහු රංගනයෙන් දායක වුණු ප්‍රේක්ෂකයා ඉතා ආදරයෙන් වැළදගත්ත ටෙලිනාට්‍යයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය කියන්නේ. මේ ටෙලිනාට්‍යයේ කවඩියා විදියට ඉහල ප්‍රේක්ෂක ආදරයක් දිනපු සංගීත් පසු ගිය දා සම්මානයකටත් පාත්‍ර වෙනවා.

ඉතින් කලාවට බොහොම අමාරුවෙන් සම්බන්ධ වෙලා මේ වන විට කලා ජීවිතය තුළ ඉතා සාර්ථක ගමනක් ඇවිත් තියෙන සංගීත් ඔහුගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ් කවුරුත් නොහිතන ව්‍යාපාර කිහිපයක්ද ඔහු සතුව තිබෙනවා. ඔහු මෑතකදී එක්තතරා යූටියුබ් නාලිකාවක් සමගින් කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකදී එම ව්‍යාපාරය ගැන පවසනවා. ඒ නයි මිරිස් වගාවක් ගැනයි. පර් 10 වැනි සාමාන්‍ය ඉඩ ප්‍රමාණයක වගා කරමින් මසකට ලක්ෂයට ආසන්න ආදායමක් ලබන බවයි ඔහු එහිදී පැවසුවේ. මේ කාරණාවන් සමග ඔහු පවසනවා තවත් ව්‍යාපාර කිහිපයක් සඳහා ‌‌යොමු වූ බවයි.

ඒ වගේම මේ වසරේ සංගීත් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරා කියලයි ඔහු සදහන් කලේ. ඉතින් සංගීත් ප්‍රභූ ගැන පසු ගිය දා එක් එක් අවස්ථාවන් වලදී වැඩිපුර කතා බහ කරන්නට වුණා. ඒ ඔහුගේ පෙම් කතාවක් ගැනයි. ඉතින් සංගීත් ආදරය කරන්නේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න සුරූපි රංගන ශිල්පිනියකටයි. ඒ ගැන ඔහු මේ විදියටයි පුවත්ඔඅත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මගෙයි කස්තුරිගෙයි ආදර කතාවට දැනට අවුරුදු 4 ක් වෙනවා. තමන් ආදරෙ කරන කෙනාගේ ක්ශේෂ්ත්‍රය වැදගත් නෑ. මම පෙම්වතෙක් වුණත් තවම විවාහය ගැන තීරණය කරල නෑ. මමයි කස්තුරියි ටෙලිනාට්‍යය කිහිපයකම එකට වැඩ කරලා තියෙනවා. අපි දෙන්නගෙ මුම රංගනය වුණේ හුස්මක් තරමට ටෙලිනාට්‍යය.

අපි දෙන්නගෙ දැන හදුන ගැනීමත් එක්ක පෙම්වතුන් බවට පත් වූනා. අවංකවම මට අද ඉන්න තැන ගැන සතුටුයි. මට මේ තැනට එන්න ලැබුණේ මගේ කැපවීමත් එක්කයි. මට අද කොහේ ගියත් ආදරේ කරන පිරිසක් ඉන්නවා. මට මංම ආදරෙයි.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *