අපි හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි සුජානි මේනකා කියන්නේ, කාලයක් කළා ලෝකයේ දකින්න නොලැබුනත් අති විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් විදියට ඇය හඳුන්වන්න පුළුවන්. සුජානි විවාහ වෙලා ඉන්නේ කළා ලෝකයේ දැවන්ත රංගන ශිල්පියෙක් වන බිමල් ජයකොඩි සමග, ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මේ යුවල ගැන කතා කරන්නයි අපේ මේ සූදානම්, සුජානි කියන්නේ පලවෙනි රංගනයෙන්ම හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් ඉතින් සුජානි ඔයා හිතුවද පලවෙනි රංගනයෙන්ම ජනප්‍රිය වෙන්න පුළුවන් වේවි කියලා, ”මම මුලිම රංගනයට සම්බන්ද වුනේ මට වයස අවුරුදු 3දී ඒක තමයි මගේ පලවෙනි රංගනය හැබයි මම ජනප්‍රිය වුනේ වෙළඳ දැන්වීමක් නිසා, මම හිතුවේ නෑ ඒ විදියට ජනප්‍රිය වේවි කියලා ඇත්තටම සතුටුයි ඒ ගැන,”
සුජානි හරිම ජනප්‍රියයි ඔයාගේ ඔය හිනාව නිසා නේද ”ඔව් මට ගොඩක් අය කියනවා ඔයාගේ හිනාව ලස්සනයි කියලා, මම කොහොමත් හැමෝම එක්ක කට පුරා හිනාවෙලා ඉන්න කැමති කෙනෙක්, මගෙත් එක්ක තරහා කෙනෙක් එක්ක වුනත් මම පාරකදී දැක්කොත් හිනාවෙලා යන්නේ ඒ මගේ හැටි, අද වෙනකොට ලෝකෙම පිළිගන්න දෙයක් නේ සිනහව කියන්නේ ඉතින් මට ඒ දේ ඉබේටම ලැබිලා තියෙනවා, හිනාවෙලා ඉන්න තරමට නිරෝහී වැඩියි ඉතින් තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා හිනාවෙලා ඉන්න”
කළා ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න ලස්සන වැදගත්ද..? ”මෙහෙමයි හැමෝම ලස්සනයි හැබැයි උදාහරණයක් විදියට නිරූපන ක්ෂේත්‍රය ගන්නකො එතනදී සමේ වර්ණය වැදගත් වුනේ නැතත් මුහුණේ හැඩය සිරුරේ පෙනුම කියන දේ ගොඩක් වැදගත්, හැබැයි රංගනයේදී සිරුර ලස්සන වුනා කියලා මුහුණ ලස්සන වුනා කියලා වැඩක් නෑ හැකියාව නැත්නම්”
ඉතින් කාලයක් තිස්සේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුජානි පසුගිය දවසක අපූරු සටහනක් ඇයගේ මුහුණු පොතට එකතු කරලා තිබ්බා ඒ මල්කාන්ති නන්දසිරි මහත්මියගේ උපන්දිනය නිමිත්තෙන්, ඉතින් ඒ සටහන තමයි මේ ”පහුගිය දවසක ලස්සනම ලස්සන උපන්දින සැමරීමකට සහභාගි වෙන්න අපි බිමල්ටයි මටයි අවස්ථාවක් ලැබුන. ඒ ලස්සන මලක් වගේ හැඩ, සුන්දර ගැහැනියක් විදිහට තම පවුලට විතරක් නෙමෙයි හැම කෙනාටම කාන්තිමත් මලක් වුනු මල්කාන්ති නන්දසිරි මහත්මියගේ. ඇයගේ හදවතේ ඉන්න අයගෙන් බිමල්ටත් මටත් ඉඩක් වෙන්වෙලා තියෙනවා. අපි දෙන්නාට ඇත්තටම ඒ ආදරේ, ඒ අගය කිරීම නිහතමානී ආඩම්බරයක්. (හැබැයි ඇය මට වඩා ආදරේ ටිකක් වැඩී බිමල්ට) ඇත්තටම අනුරාධා Anu Nandasiri අක්කා හැමදේම හොඳට සංවිධානය කරල, අම්මා වෙනුවෙන් කරපු මේ පුංචි උත්සවය, මල්කාන්ති නන්දසිරි මහත්මියට ජීවිතේ ලැබිච්ච ලස්සන පුදුම කිරීමක් වුනා. ඇයගේ හැසිරීමෙන්, ඇයගෙ ඇස්වලින් අපි හැමෝම ඒ බව දැක්කා. අනූ අක්කේ ගොඩාක් ස්තූතියි ඒ විශේෂ අවස්ථාවට අපිටත් ආරාධනා කරපු එකට. නීරෝගිමත් සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් අපි දෙන්නා ආදරෙන් නැවතත් ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ආදරෙයි.”