මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාරදිගේ ටෙලිනාට්‍ය. ඉතින් මේ නාට්‍ය හරහා ඔබ හඳුනාගත් වගේම ඔබ ගොඩක් ආදරේ කරන චරිතයක් තමයි ආන්‍යා කියන්නේ, ආන්‍යා කියන චරිතයට පන පොවන්නේ නවක රංගන ශිල්පිනියක් වන දේශානි නෙහාරා විසින්. ඇය මේ වනවිට බොහෝ තරුණ තරුණියන් අතර ජනප්‍රිය චරිතයක් වී හමාරයි. ඇයගේ රංගන හැකියාව සහ ඇයගේ සුරූපි බව නිසා මේ වෙන කොට ඇයව නොදන්න කෙනෙක් නැහැ. ඇයගේ සුරූපි බවට අද බොහෝ දෙනා වශී වී ඇති බව ඇයගේ සමාජ මාධ්‍ය ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව තිබේ. ඒ් ඇයට සමාජ මාධ්‍ය තුළින් ඇයගේ ඡායාරූප සඳහා ලැබෙන ප්‍රතිචාර හේතුවෙනි. ඉතින් අද අපේ කතාබහට එකතුවෙලා ඉන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන දේශානි නෙහාරායි, ඉතින් දේශානි කොහොමද මේ දවස්වල ජීවිතේ ”වරදක් නෑ ජීවිතේ හොඳින් ගෙවීගෙන යනවා, රංගනයෙන් සම්බන්ද වෙලා ඉන්න නාට්‍යවල ෂූටින් යනවා, ආයේ ගෙදර එනවා මේ දවස්නම් ගෙවෙන්නේ ඒ විදියට”
කළා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙන්න ලැබුන එක ගැන මොකද හිතෙන්නේ ”ඇත්තම කියනවනම් ඒක මගේ හීනයක් හැබෑ වුනා වගේ වැඩක්, මම පොඩිකාලේ ඉඳන්ම රංගනයට ගොඩක් ආසයි. මීට කලින් කිහිප අවස්තාවකම මට රංගනයට සම්බන්ද වෙන්න අවස්තාව ලැබුනා, හැබැයි මගේ ගෙදරින් කැමති වුනේ නෑ මම රඟපාන්න යනවට, විශේෂයෙන්ම තාත්තා තමයි කැමති උනෙම නැත්තේ, ඒ වගේම මගේ අධ්‍යාපන වැඩ නිසාත් ඒ දේවල් මගහැරුනා, ඉතින් එහෙම ඉද්දී තමයි පාරදිගේ නාට්‍යට ආරාධනා ලැබුනේ,”
දේශානිට තියෙන්නේ ගොඩක් සුන්දර පෙනුමක්, ඉතින් මේ පෙනුම නිසා කවුරුවත් කියලා නැද්ද ඔයාට බොලිවුඩ් උනත් යන්න පුළුවන් කියලා, ”ඇත්තටම ගොඩක් අය කියනවා මම සොනක්ෂි සින්හා වගේ ඔයාට බොලිවුඩ් වුනත් යන්න පුළුවන් කියලා, එහෙම කියද්දී ඇත්තටම හිතෙනවා බොලිවුඩ් යන්න තිබ්බනම් කියලා, ගොඩක් අය එහෙම කියද්දී ඇත්තටම හරිම සතුටුයි, හැබැයි මට මොකක් හරි වාසනාවකට බොලිවුඩ් යන්න ලැබුනොත් මම ගොඩක් ආදාවෙන් හිටියේ සුශාන්ත් සිං එක්ක රඟපාන්න දැන් එයා නෑ නේ, ඉතින් මම දැන් කැමති ටයිගර් ශේරෝෆ් ට”