2017 වසරේ හිරු අවුරුදු කුමරිය විදියට කිරුළු පැළඳ පසුව රංගන ශිල්පිනියක ලෙස හැමෝම අතර ඉතාම ජනප්‍රිය වුන රංගන ශිල්පිනියක් තමයි පූජානි භාග්‍යා කියන්නේ, ඇයව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. පසුගිය කාලයේ ඇය සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ජනප්‍රිය චරිතයක් වූයේ එක්තරා ඡායරූප පෙලක් නිසාවෙනි. බොහෝ දෙනෙකු සිතුවේ ඇය විවාහ වී ඇති බවයි. ඒ් ජනප්‍රිය ගායන ශිල්පී ගයාන් ගුණවර්ධධන සමගයි. කෙසේ නමුත් ඔවුන්ගේ ආදර කතාව දැන් ටික ටික එළියට එමින් පවතිනවා. ඇත්තටම ඔවුන් පෙම්වතුන්ද? ඒ් ගැන අපි ඇයගෙන්ම දැන ගමු.
ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔබත් මමත් ආදරේ කරන පුජානි සමග, ඉතින් පූජානි කොහොමද මේ දවස්වල, මොකද වෙන්නේ? ”මේ අදවස්වල මම රංගනයෙන් දායක වෙන අලුත්ම ටෙලිනාට්‍ය වන මැස්සා නාට්‍ය ස්වර්ණවාහිනියේ විකාශනය වනවා. ඊට අමතරව අලුත් නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුනා, ඉතින් ඒ අතරින තෝරාගත්ත එක නාට්‍යකට රංගන දායකත්වය ලබාදෙන්න සුදානමින් ඉන්නවා. දැන් මම එක දිගට වැඩ කරන්නේ නෑ තෝරාගෙන තමයි රඟපාන්නේ,”
පූජනී අපි දැක්කා කාලයක් ඔබ රංගනයෙන් ඈත්වෙලා ඉන්නවා, ඇයි ඒ ”පහුගිය කාලෙම මම රඟපාපු නාට්‍ය ගොඩක් විකාශනය වුනා, ඒ වගේම ඒ නාට්‍යවල ෂූටින් නිසා කිසිම විවේකයක් තිබ්බේ නෑ, ඉතින් මම තීරණයකළා පොඩි විවේකයක් ගන්න ඉතින් මම මාස 9-10ක් කිසිම වැඩක් බාරගත්තේ නෑ, හැබැයි නිවේදන වැඩ වලටයි පොටෝ ෂූට් වලටයි සම්බන්ද වුනා, ටෙලිනාට්‍ය වලට විතරයි බෑ කිවුවේ,”
පුජනීට ආදර කතාවක් නැද්ද…? ”මටත් ලස්සන ආදර කතාවක් තියෙනවා, ඒ ආදරේ ගැන ගොඩක් අය අහනවා, හැබැයි මම ඒ ගැන කියන්නේ මම විවාහ වුන දවසට, විශේෂයෙන්ම විවාහය ගැන සැලසුම් කලාට පස්සේ එතකන් ඒක රහසක් විදියට තියෙන එක හොඳයි කියලා අපි දෙන්නම තීරණය කරලා තියෙනවා, ඒ වගේම මම ලබන වසරේ විවාහ වෙන්න හිතාගෙන ඉන්නේ”
ඔබේ සැමියා විදියට ගයාන්ව තෝරාගන්න අවශ්‍ය සුදුසුකම් ඔහු සතුව තියෙනවද ”අපෝ ඕන තරම් සුදුසුකම් තියෙනවා, ඇත්තම කියනවනම් ගයාගෙයි මගෙයි අදහස් ගොඩක්ම එක වගේ ඉතින් මට හිතෙනවා හිතන පතන විදියට එක වගේ නිසා අපි දෙන්නට ගොඩක් හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න පුළුවන් කියලා”