ඒ කට්ටිය මාව අල්ලගෙන ආයේ අම්මා එක්ක ආවොත් බලාගන්නම් කිවුවා – 90 ගණන්වල කොල්ලන්ගේ ක්‍රෂ් එක ආශා

කාලයක් ලංකාවේ තරුණයන් වශී කරගත්ත දක්ෂ වගේම බොහොම සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි ආශා එදිරිසිංහ කියන්නේ, 90 ගණන්වල කොල්ලන්ගේ තාමත් ක්‍රෂ් එක ආශා එදිරිසිං. එදා වගේම අදටත් ඇයට බොහෝ දෙනා ආදරය කරනවා. එමෙන්ම ඇය වටා බොහෝ පිරිසක් එකතු වී තිබෙනවා. ආශා ලාංකේය ප්‍රේක්ෂකයන් අතර වඩාත්ම ජනප්‍රිය වුනේ ‘සුළඟ’ ටෙලිනාට්‍ය හරහා, කොහොම වුනත් පසුගිය කාලයේ ආශා වැඩිය පේන්න හිටියේ නෑ, ඉතින් අද අපි කතා කරන්නේ සුදානම් වෙන්නේ ආශා එදිරිසිංහ සමග ආශා කොහොමද මේ දවස්වල, මොකද වෙන්නේ ඉතින් ”පසුගිය දවස්වල රටේ තිබ්බ ප්‍රශ්න එක්ක කර කර හිටපු ගොඩක් වැඩ නතරවුනා, හැබැයි දැන් නම් ඒ ප්‍රශ්න ටිකක් අඩුවෙලා නිසා ටික ටික මගහැරුණ දේවල් වලට අවදානය යොමුකරමින් ඉන්නවා,”

ආශා පුංචි කාලේ ඉඳන්ම හීන දැක්කේ නිලියක් වෙන්නද..? ‘අනේ නැහැ, මම වයස අවුරුදු එකොළහේදී තමයි නිලියක් විදියට කළා ලෝකයට සම්බන්ද වෙන්නේ, පොඩිකාලේ මම ඩාන්සින්වලට ගොඩක්ම ආසයි, ඉගන ගන්නත් ඕන නෑ නටන්න තිබ්බනම් ඇති, මම රංගනයට එකතුව්නාවට තාත්තනම් මුලින්ම කැමති වුනේ නෑ, හැබැයි අම්මා නම් එකපයින්ම කැමතිවුනා, අම්මත් ඉස්සර ගුවන්විදුලි සංස්ථාවේ සින්දු කියන්න ගිහින් තියෙනවා, ඒ නිසා මම එක නාට්‍යක හරි රඟපාන්න යනවට අම්මා ගොඩක් කැමති වුනා, කොහොමහරි තාත්තා කැමති කරගන්න අපිට පුළුවන් වුනා,”

නිලියක් විදියට ජනප්‍රිය වෙලා ඉද්දී විශ්වවිද්‍යාලයට යද්දී ලැබුන ප්‍රතිචාර කොහොමද..? ”මම ගියේ කැළණි විශ්වවිද්‍යාලයට, මවත් ඒ කාලේ රැග් කළා, හැබැයි ඒක හරිම සුන්දරයි, මම කැම්පස් යන මුල් කාලේ අම්මත් එක්කම තමයි යන්නේ වෙන කිසිම ගැහැණු ළමයෙක් එහෙම එන්නේ නෑ, ඉතින් ඒක දැක්ක අයියලා ටිකක් විවේක වෙලාවේදී මාව අල්ලාගෙන කාටපේන්නද අම්මව එක්කගෙන එන්නේ ආයේ එක්කන් ආවොත් බලාගන්නම් කිවුවා, හැබැයි මම ඊටපස්සේ දවසෙත් අම්මව එක්කගෙන ගියා ඒ වෙලාවේ ඒ අයියලා ඇවිත් අම්මා එක්ක හිනාවෙලා හරිම සුහද විදියට කතා කළා, හැබැයි අම්මා ගියාම මට හොඳටම බැන්නා, ඇත්තටම ඒවා හරිම සුන්දර අත්දැකීම්”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *