කළා ලෝකයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි මිලින්ද මඩුගල්ල කියන්නේ, කාලයක් කළා ලෝකයට සම්බන්ද වෙලා හිටියත් මිලින්ද ලංකාවේ හැමෝම අතර කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වෙන්නේ ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහායි. ඒ දෙවෙනි ඉනිම නාට්‍යයේ විලන් චරිතය වන මේනක හරහා. ඒ් වගේම ඔහු පුංචි තිරයේ වීරයෙක්. බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් ඔහු සමගයි මේ කතා බහ. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ මිලින්ද කොහොමද ඉතින් මොකද වෙන්නේ ”මේ දවස්වලනම් රූගත කිරීම් කිහිපයක්ම කරනවා, ඒ වගේම මම රණගනයෙන් දායක වෙන ටෙලිනාට්‍ය කිහිපයක්ම විශාෂණය වෙනවා, ඒ වගේම තව නිර්මාණ දෙකක වැඩ ඉවර කරන්න තියෙනවා,”
සිනමාට රංගන දායකත්වය ලබාදෙන්නේ නැද්ද දැන් ”එහෙම නෑ මම මගේ රංගනය තුලින් යමක් කරන්න පුලුවන් කියලා හිතෙන සිනමා නිර්මාණ කිහිපයක්ම බාරගෙන තියෙනවා, ඒ වගේම මම රඟපාපු චිත්‍රපට දෙකක් දැන් තිරගතවෙන්න තියෙනවා, එකක් මයුර විලාපය, අනිත් එක ඩොමේන්, ඊට අමතර තව සිනමා නර්මාන කිහිපයකම පිටපත් ලැබුනා ඒවත් බලලා සුදුසුයි කියලා හිතෙන චරිතයක් තිබ්බොත් බාරගන්නවා,”
මිලින්ද කරපු රැකියාවෙන් ඉවත්වෙලා පූර්ණ කාලීන රැකියාව විදියට රංගනය තෝරාගත්තේ ඇයි ඒ ගැන දැන් පසුතැවීමක් නැද්ද.? ”මම මුලින්ම සේවය කලේ පෞද්ගලික මුල්‍ය ආයතනයක, ඒ විධායක නිලධාරියෙක් විදියට, ඉතින් මම රංගනයට සම්බන්ද වෙනවත් එක්ක මම රැකියාවෙන් ඉවත්වුණා, හැබැයි මට ඒ ගැන පොඩි පසුතැවීමක්වත් නෑ, ජොබ් එක සහ රංගනය එකට කරන්න බෑ ඉතින් මම තෝරාගත්තේ රංගනය”
මිලින්ද කියන්නේ ගොඩක් යාළුවො ආශ්‍රය කරන චරිතයක් නේ ඉතින් මිලින්දට යාළුවො කතා කරන්නෙත් මිලින්ද කියලමද..? ඔව් මට ගොඩක් යාළුවො ඉන්නවා මම කොහොමත් හැමෝම එක්ක ගොඩක් සුහදව වැඩ කරන කෙනෙක් මගේ හිතවත්ම ලංගම යාලුවොනම් මට මිලින්ද කියන්නේ නෑ සාමාන්‍ය යාළුවො තමයි මට මිලින්ද කියන්නේ පාසල් කාලේ ඉඳන්ම දන්නා අයනම් කියන්නේ මඩ්ඩා කියන්නේ, එහෙම නැත්නම් මඩුගල්ල කියලාත් කියනවා,”