රන්ජන් අයියත් ඉන්න තැන ගොඩක් අය කිවුවා මම ලස්සන වෙලා කියලා – මහේෂි මධුෂන්කා

අපි හැමෝම ගොඩක්ම ආදරේ කරන රංගන ශිල්පිනියන් අතරින් වඩාත්ම ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුෂන්කා කියන්නේ, පුංචි තිරය හරහා වගේම රිදී තිරය හරහාත් හැමෝගෙම ආදරේ දිනාගත් මහේෂි වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් විදියටත් ලාංකේය ප්‍රේක්ෂකයින් අතර ගොඩක් ජනප්‍රියයි. ඇය තම සමාජ මාධ්‍ය ඔස්සේද බොහෝ දෙනාගේ ආදරයට පත්ව තිබෙනවා. මෑතකදී ආරම්භ කරනු ලැබූ ඇයගේ යූටියුබ් නාලිකාව ඔස්සේද ඇයගේ එදිනෙදා වැඩකටයුතු දැක බලා ගැනීමටද බොහෝ දෙනෙකුට හැකියාව තිබෙනවා.   ඉතින් අද අපේ මේ කතාබහ මහේෂි මධුෂන්කා සමග, ඉතින් මගේෂි කොහොමද මේ දවල ජීවිතේ ”මේ දවස්වල ඉතින් සුපුරුදු පරිදි වැඩ වලට සම්බන්ද වෙලා ඉන්නවා ඒ වගේම මේ දවස්වල ගෙදර වැඩ ටිකකුත් කරනවා පොඩි පොඩි රෙපයාර් වැඩ ඉතින් ඒ වැඩ කරන බාස් උන්නැහේලා ගැනත් බලන්න ඕන ඉතින් ඒ වැඩයි ක්‍ෂේත්‍රයේ වැඩයි එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ”

දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට කොහොමද මහේෂි තාම ඔච්චර ලස්සනට ඉන්නේ..? ”ඕක මගෙන් හැමෝම අහන ප්‍රශ්නයක්, පහුගිය දවසක ‘ගේම්’ ෆිල්ම් එකේ විශේෂ ධර්ශනයක් පෙන්නුවා ඒක බලන්න රන්ජන් අයියත් ඇවිත් තිබ්බා ඉතින් එතනට ඇවිත් හිටපු කළා ක්‍ෂේත්‍රයේ කාන්තා පිරිමි දෙපාර්ශවයේම අය මාව ගොඩක් ලස්සනයි කියලා වර්ණනා කළා. ඒ වගේම මගේ ලස්සනේ රහස මොකද්ද කියලත් ඇහුවා, අනේ මම විශේෂ දෙයක් කරන්නේ නෑ, බබාලත් බලාගෙන ඉන්නේ හැබැයි මම මහන්සි වෙලා වැඩ කරන අතරේ මගේ ගැන බලන්නත් අමතක කරන්නේ නෑ, ඒක තමයි මගේ සුන්දරත්වයේ රහස”

මැස්සා නාට්‍යයේ මහේෂි පන පොවන්නේ පොලිස් කාන්තාවකගේ චරිතයකට ඉතින් මහේෂි ඔයා වගේම ලස්සන පොලිස් නිලධාරී යෙහෙලියන් එහෙම නැද්ද..? ”අපෝ ඉන්නවා, මට වඩා ලස්සන මගේ යාළුවො ඉන්නවා, පොලිස්සියට බැඳෙනවා කියන්නේ පොලිස් සේවයට බැඳුනම ලොකු කැපකිරීමක් කරන්න වෙනවා, බබෙක් ලැබුනම අනිත් රාජ්‍ය සේවකයන්ට වගේ ගෙදර ඉන්න ලැබෙන්නේ නැහැ, සේවයට යන්න වෙනවා, සමහර වෙලාවට එයාලට රෑට පවා ඩියුටි කරන්න වෙනවා, ඉතින් මටනම් හිතෙන්නේ ලෝකේ ඉන්න මානුශීයම පොලිස්සිය ලංකාවේ පොලිස්සිය කියලයි”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *