දරුවට හොඳට උගන්වන්න ඕන නිසා තමයි මම රට ආවේ – ලංකාව හැරගිය ලෝචනා ඉමාෂි

රංගන ශිල්පිනියක් විදියට කාලයක් පුංචි තිරයේ හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ, කොහොම වුනත් මේ වනවිට ලෝචනා කළා ලෝකයේ පේන්න නෑ, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ලෝචනා ඉමාෂි සමග, ලොචි මොකද හදිස්සියේ ලංකාව දාලා ගියේ ”මම හදිස්සියේ නෙවෙයි ගියේ, කලින් ඉඳලම මම පුතාගේ පාසල් නිවාඩුව අවසන් උනාම යන්න තමයි හිතාගෙන හිටියේ, දැන් පුතා ලොකුයි, එයාට හරියට උගන්වන්න ඕන, ඒ නිසා එයාගේ අම්මා ළඟ ඉන්න ඕන, ඒ වගේම පුතා කරාටි පන්ති යවන්නත් තියෙනවා, ඒ දේවල් කරන්න ලංකාවේ හොඳ වාතාවරණයක් නෑ නේ ඉතින් දරුවට උගන්වන්න ඕන නිසා තමයි මම රට ආවේ”

ලංකාවේ දැන් තියෙන ප්‍රශ්න නිසාද රට දාලා ගියේ ? ”අනේ නෑ, මම ප්‍රශ්න හින්දා රට දාලා ගියේ නෑ, ලංකාවේ ප්‍රශ්න දැකලා මම ඒගැන කතා කළා, ඒ වෙනුවෙන් හඬ නැගුවා එහෙම කරන්න අපිට අයිතියක් තියෙනවා, මොකද අපි ලංකාවේ පුරවැසියෝ හැබැයි ලංකාවේ තියෙන ප්‍රශ්න දැම්ම විසඳෙවී කියලා හිතන්න ගොඩක්ම අමාරුයි, ඉතින් මම දැන් කැමතියි මගේ දරුවා එක්ක ඉන්න”

පොලින්ම් ගැන කලකිරුනද..? ”පෝලිම් ගැන විතරක් නෙවෙයි ලංකාවම ගැන කලකිරිලා හිටියේ, මගේ නෑදෑයෝ තාමත් ලංකාවේ ජීවත් වෙන්නේ, ඒ අය ගැන විතරක් නෙවෙයි ලංකාවේ හැමෝම ගැන මට ගොඩක් දුකයි, අපේ රටේ ළමයිගේ අනාගතේ ගැන ගොඩක්ම දුකයි, මේ දැන් ප්‍රශ්න විසඳෙන පාටක් පෙන්න නෑ, අපිතරම් දුක්විඳින ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති කියලයි මට හිතෙන්නේ”

දැන් ලෝචි ඔයාට රඟපාන්න ආරාධනා එන්නේ නැද්ද..? ”පහුගිය කාලේ කොහොමත් මට ලොකුවට රංගනයට ආරාධනා ලබුනෙ නෑ. අනික පහුගිය කාලේ මම ලැබුන වැඩ ගොඩක් බාරගත්තෙත් නෑ, මම රට යන්න හදද්දී ටෙලිනාට්‍යකට ආරාධනා ලැබුනා ඒත් ඉතින් බොරුවට වැඩ බාරගන්න බෑ නේ ඒ නිසා ඒකත් මම එපා කිවුවා, මොකද මම ආයේ ලංකාවට එන කාලය ෂුවර් නෑ, කොහොමත් මම කළා ලෝකයේ හෙමින් ගමනක් ආව රංගන ශිල්පියන් නේ”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *