කාලෙකට කලින් කළා ලෝකයේ හිටපු අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි භාග්‍යා ගුරුසිංහ කියන්නේ. කාලෙකට ඉහත කළා නිර්මාණ හරහා නිතරම දකින්න ලැබුන භාග්‍යා ඒ කාලයේ තරුණයන්ගේ සිහින කුමාරිය විදියටත් හඳුන්වන්න පුළුවන් මොකද ඇයගේ සුන්දරත්වයට එකල තරුණයන් වශීවෙලා හිටියේ. කොහොම වුනත් දැන් නම් භාග්‍යා කළා ලෝකයෙන් දකින්න ලැබෙන්නේ නෑ, මොකද මේ වනට භාග්‍යා විවාහකයි ඒ වගේම ඇය මේ වනවිට දරුවන් තිදෙනේක්ගේ ආදරණීය මවක්. ඉතින් අද අපේ කතාබහ හැමෝගෙම ආදරේ දිනාගත්ත් භාග්‍යා ගුරුසිංහ පිලිබඳ.
භාග්‍යා අපිට කියන්නකෝ කොහොමද ඔබ රංගනයට මූලික අඩිතාලම තැබුවේ..? ”මට කළා ක්‍ෂේත්‍රයට එන්න මූලික අඩිතාලම හදලා දුන්නේ මගේ තාත්තා, මගේ තාත්තාගේ යාලුවෙක් හිටියා මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද ඉතින් එයාට කියලා දෙරණ නාලිකාවේ විකාශය වුණ පුංචි අපේ ඉස්කෝලේ කියන වැඩසටහනට ඉදිරිපත් මම වුණා. එතනින් වෙළඳ දැන්වීම්වලට සම්බන්ද වෙන්න අවස්තාව ලැබුනා, ඊටපස්සේ මට ටෙලිනාට්‍ය වලට ආරාධනා එන්න පටන් ගත්තා ඒ විදියට තමයි මම කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වුනේ”
කොහොම වුනත් භාග්‍යා මේ වනවිට විවාහකයි අය විවාහ වෙලා ඉන්නේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ පුතා වන පියුෂාන් සමගින්, ඉතින් භාග්‍යා එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ සැමියා පිලිබඳ පැවසුවේ මේ වගේ කතාවක් ”මගේ මහත්තයා දේවාලේ වැඩ ගැන ගොඩක්ම හිතනවා, ඉතින් මගේ මහත්තයා මාස තුනක් යනකන් මමවත් අපේ බබාවත් බලන්න ආවේ නෑ, මොකද දේවාලේ වැඩ නිසා මාස තුනක් යනකන් බබා ලඟට යන්න බෑ කිලි නිසා. අපේ පුතා ලැබිලා මාස තුනක් යනකන් එයා ඇඟිලි ගැන ගැන හිටියේ, මාස තුනකට පස්සේ එයා ගෙදර එද්දී මුළු ගෙදරම කහ වතුරෙන් සෝදලා පිරිසිදු කරලා තිබ්බා, එයා දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් ඉතින් රජෙක් එනවා වගේ තමයි එයා බබා බලන්න ආවේ, එහෙම ඇවිත් ආපු ගමන් බබා අරගෙන ඉම්බා. බබත් එකපාරම සතුටින් කෑගැහුව, ඒ දවසෙම එයා ඇඩුවේ නෑ තාත්තා ළඟටම වෙලා හිටියා”