අපි හැමෝම ගොඩක්ම ආදරේ කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි රුක්ශානා දිසානායක කියන්නේ, මේ වනවිට ඇය පිලිබඳ හැමෝම දන්නවා. රංගනයට විතරක් නෙවෙයි ගායනයට වගේම නර්තනයටත් රුක්ශානා ගොඩක්ම දක්ෂයි. මේ වෙද්දී රුක්ශානාට කළා ලෝකයේ හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම මේ වෙද්දී ඇය 250කට අධික වතාවක් මනාලියක් විදියට හැඩවෙලා තියෙනවා. ඒ වගේම තමයි කාලෙන් කාලෙට එළිදක්වන විලාසිතා වෙනුවෙන් පෙනීසිටින නිරූපිකාවක විදියටත් ඇය යොදාගන්නවා.
හැබැයි දැන් අපි කියන්න යන්නේ හැමෝම ආදරේ කරන රුක්ශානා ගැන ටිකක් දුක හිතෙන කතාවක්, ඒ තමයි මේ වනවිට ඇය ඉන්නේ රෝහල්ගතවෙලා. ඉතින් ඒ සම්බන්දව ඇය ඇයගේ මුහුනුපොතට මේ වගේ සටහනක් එකතු කරලා තිබ්බා ”මාගේ උදරයේ සිදුකල ශල්‍යකර්මයක් නිසා දින ගණනාවක් ජීවිතේ කවදාවත් නොහිතපු නොවිදපු වේදනාවකට මූන දෙන්න සිද්ධ වුනා. ‘සල්ලි තමයි ජීවිතේම’ කියන මිනිස්සු එක්ක ඒ වේදනාවේ හැගීම් එක්ක තර්ක කරන්න පුලුවන්. නිරෝගී සුවය තරම් සැනසීමක් මේ ලෝකේ කොහේවත් නෑ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා.
මම අසනීපෙන් ඉන්නවා කියලා දැනගත්ත වෙලේ ඉදලා මට කෝල් කරලා මැසේජ් කරලා සුවදුක් අහලා සුවය පතපු හැමකෙනෙක්ටම ගොඩාක් පිං. සමහර කෝල් ආන්සර් කරන්න බැරිවුනා හිටපු තත්වෙත් එක්ක. අනේ ඒ හැමෝටම ගොඩක් ස්තුතියි! ඒ ආශිර්වාදයෙන් මට ඉක්මනටම නැගිටින්න පුලුවන් වෙයි කියලා විශ්වාස කරනවා. මම ශල්‍යකර්මය කරලා මට නැගිට ගන්නවත් බැරුව හිටපු ඒ දවස් 3, 4ට මාව සහෝදරියක් වගේ බලාගෙන මගේ හැම අඩුපාඩුවක්ම බලලා මට ශක්තියක් වුන දනන්ජි Danu Tharuka ඔයාට ගොඩක්ම පිං.
ඒ වගේම මගේ අසනීපය දැනගත්ත ගමන්ම මාව බලන්න ඇවිල්ලා, මම කන්න ආස හැමදෙයක්ම ගෙනල්ලා අද වෙනකනුත් මගේ සුව දුක් බලන සුජිත් අයියේ ඔයාව කවදාවත් අමතක කරන්නෙ නෑ ඔයාට පිං සිද්ධ වෙනවා. මම රෝහලේ ඉන්නකොට මාව තනි නොකරපු ශාලි අක්කටත් ශාලිකා එදිරිසිංග මගේ පන වගේ ඉන්න යාලුවා ශශ් ඒ වගේම මන් ළග හිටපු ගීති, ශෙහන් අයියේ ඔයාටත් ගොඩක් ස්තුතියි!.
ඒ වගේම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මාව ශක්තිමත් කල ගුනවංශ අපේ හාමුදුරුවන්ට මාගේ අසීමිත කෘතගුණය. කායික සුවය බෙහෙත් වලින් ලබාගන්න පුලුවන්. ඒත් මානසික සුවයක් ලබාගන්න ඔය මොන බෙහෙතටවත් බෑ කියලා මම තේරුම් ගත්තා. ඒක දරාගන්න මට ශක්තියක් වුන මගේ ආදරණීය පියුමි බොතේජු අක්කා අන්ජලී අක්කා තරුශි අක්කා පවිත්‍රා අක්කා දනන්ජි ඔයාලට ගොඩක් පිං මාව දරාගත්තට, ඔයාලා තමයි මගේ ශක්තිය..”