මේ දවස්වල ලංකාවේ හැමෝම ගොඩක්ම ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි පාර දිගේ කියන්නේ. ඉතින් මේ නාට්‍යයේ ඉන්න ‘බන්ටි’ කියන චරිතය ප්‍රේක්ෂකයන්ට අමතක කරන්නම බැරි චරිතයක්. අද අපි කතාකරන්න සුදානම් වෙන්නේ පාරදිගේ නාට්‍යයේ බන්ටිගේ චරිතයට පන පොවන දුෂේනි මියුරංගි සිල්වා සමග, දුෂෙනි කොහොමද මේ දවස්වල, මොකද වෙන්නේ ? ”හොඳයි සුවෙන් ඉන්නවා, ජීවිතේ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ ජීවිතේ සාමාන්‍යවිදියට ලස්සනට ගලාගෙන යනවා, හැබැයි ඉතින් ටිකක් බිසී මොකද දැන් ටෙලිනාට්‍ය කිහිපයක්ම බාර අරගෙන ඉන්නේ”
හා ඒ කියන්නේ දැන් වැඩ ගොඩකට කරගහලා වගේ නේද..? ”පාරදිගේ ටෙලිනාට්‍යට අමතරව තවත් නිර්මාණ කිහිපයක්ම බාරගත්තා, ඒ අතරින් වීදුරු මල් මේ දවස්වල විකාශනය වෙනවා. ඒ වගේ ඒ රූගතකිරීම් වලටත් සම්බන්ද වෙනවා. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕන පාර දිගේ නාට්‍ය තමයි මගේ ජීවිතේ වෙනස් කරපු නාට්‍ය, ඒ නාට්‍යයේ බන්ටි කියන චරිතය මට විශාල ප්‍රේක්‍ෂක ආදරයක් අරන් දුන්නා. ඇත්තම කියනවනම් බන්ටි කියන්නේ මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය. මම නිර්මාණ කිහිපයකට දැන් සම්බන්ද වෙලා හිටියත් මට වැඩිම ප්‍රේක්ෂක ආදරයක් ලැබුනේ බන්ටි නිසා”
ඔබ කාලයක් රඟපාන්නේ නෑ කියලා තීරණය කරලා තිබ්බා කියලා අපිට දැනගන්න ලැබුනා, එක පාරම මොකද නැවත රඟපාන්න හිතුවේ ”මම කාලයක් ඉන්දියාවේ හිටියා ඊටපස්සේ මම ලංකාවට ආවේ ආයෙත් ටෙලිනාට්‍ය වල රඟපාන්නේ නෑ කියලා හිතාගෙන. ඊටපස්සේ මම රඟපාන්න බෑ කියද්දී අම්මයි තාත්තයි තමයි මාව උනන්දු කරලා නැවත රංගනය යොමුකළේ. විශේෂයෙන්ම තාත්තා, නැවත රඟපාන්න කියලා මගේ ඔලුව හැදුවේ එයා. මම ආයේ ඉන්දියාවට යන්න හිටියේ හැබැයි දැන් ලංකාව දාලා යන්න දුකයි. මොකද ඒ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. ඉතින් මම පස්සේ තීරණය කළා ලංකාවේ වගේම ඉදියාවේ වැඩත් බැලන්ස් එකේ කරගෙන යන්න”
මෙච්චර සුන්දර දුෂෙනි විවාහ වෙන්න අදහසක් නැද්ද, ජීවිතේ ආදරේ ගැන මොන විදියටද දැනෙන්නේ ”මම හොයන විදියේ කෙනෙක් ජීවිතයට ලැබුනොත් ජීවිතේම ලස්සනයි. මට ඒක හරි විදියට ලැබුනද කියන්න මම දන්නේ නෑ, හැබැයි මම මිනිස්සු එක්ක සම්බන්දතා හදාගන්න ගොඩක් බයයි. බැඳීම් වලට චුට්ටක් බයයි. ආදරේ කියන්නේ හිමිවීමටම නෙවෙයි මට නොලැබුනාට කමක් නෑ එයා කොහේහරි සතුටින් ජීවත් වෙන්න ඕන එහෙමයි මම හිතන්නේ,”