සංගීතය ගැන කතා කරද්දී කතා නොකරම බැරි සංගීත කණ්ඩායමක් තමයි මේරියන්ස් සංගීත කණ්ඩායම කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරාගේ දියණිය සමග ඇය තමයි ස්වේතා මේලි පෙරේරා. ස්වේතා පසුගිය දවසක විවාහ වුනා. අයගේ අතගත් මනමාලයා වුනේ රනිත් දිමිත්‍ර. කොහොම වුනත් මේ වනවිට දිමිත්‍ර සහ ස්වේතා ජීවත් වෙන්නේ ලංකාවේ නෙවෙයි. ඔවුන් දැන් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර. මෙම විවාහය ගැන පසුගිය කාලේ බොහෝ දුරට කතා කරන්න ගත්තා. ඒ තරමට එම විවාහය සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වයට ගොඩ නැගුනා.
ස්වේතා ඇයි පදිංචිය මාරු කරන්න හිතුවේ ”විවාහයෙන් පස්සේ මම මෙල්බන් වලට පදිංචියට ආවා. මොකද මගේ සැමියා වන රනිත් පදිංචිවෙලා ඉන්නේ මෙහෙ. ඉතින් ඒ නිසා විවාහයෙන් පස්සේ මම ඔහුත් එක්ක ජීවත් වෙන්න ඕස්ට්‍රේලියාවට පදිංචියට ආවා. මගේ තාත්තත් එයාගේ සංගීත වැඩ කරයුතු වලට මෙහෙ ඇවිත් යන්න හිතාගෙන ඉන්නවා කියලා කතා කරාම කිවුවා. ඒ වගේම තමයි නිවාඩුවක් ලැබුන ගමන් මමත් ලංකාවට යන්න හිතාගෙන ඉන්නේ’
ස්වේතා කොහොමද ඔයාලගේ ආදරේ පටන්ගන්නේ ”අපේ දෙන්නගෙම අම්මලා තාත්තලා ඉස්සර ඉඳන්ම හඳුනන අය, ඉතින් මමත් රනිත්ගේ නෑදෑයින් මීට කලින් මීට් වෙලා තියෙනවා, හැබැයි රනිත් මීට්වෙලා තිබ්බේ නෑ, 2020දී තමයි මුලින්ම අපි හඳුනා ගත්තේ එතකොටත් එයා හිටියේ මෙල්බර්න් මම හිටියේ ලංකාවේ. අපි නිතරම කතාබහා කලත් අපි දෙන්නට දෙන්නා හරියටම දැක්කේ සම්බන්ද පටන් අරගෙන අවුරුදු එක හමාරකට විතර පස්සේ”
ස්වෙතට ගෙදරින් වෙන්වෙලා ඉන්න නිසා ඒ පිලිබඳ දැනෙන්නේ මොනවගේ හැඟීමක්ද ”ඒ ගැනනම් මම දැන් හිතන්නවත් කැමති නෑ, එක දරාගන්න ගොඩක්ම අමාරුයි, මට දැනෙන්නේ මගේ ඇඟේ කෑල්ලත් තියලා ආවා වගේ. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ නේ. ඒ ගැන කතා කරන්න මට වචන නෑ, මට තියෙන එකම සැනසීම තමයි රනිත් මගේ ළඟ ඉන්න එක,