තාත්තා නැති වුනාට පස්සේ එංගලන්තේ ගෙවල් දොරවල් බලන්නත් බැරි වුනා – සෙනාලි ෆොන්සේකා

පහුගිය කාලයේ ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වුන ටෙලිනාට්‍ය කලාව වෙනස්ම මානයකට අරගෙන ගිය ගොඩක් සුන්දර ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනියේ විකාශනය වුන ‘නාඩගම් කාරයෝ’ ටෙලිනාට්‍ය. වෙනස්ම කතා තේමාවක් තුලින් වගේම සීමිත කොටස් සංඛ්‍යාවක් සහිතව විකාශනය වුන මෙම ටෙලිනාට්‍ය ලංකාවේ වැඩිම පිරිසක් නැරඹු ටෙලිනාට්‍ය බවට පත්වුනා. ඇය කලා පසුබිමක් ‌තුළ නිර්මානය වූ කෙනෙකි.  ඇයට රංගනය යන මාතෘකාව අලුත් දෙයක් නොවෙන්නේ  හේතුවෙනි. සිය පවුලේ උරුමයෙන් රංගනය උරුම වූ ඇය වර්තාමානයේ තරුණයන්ගේ ආදරණීය තාරකාවක් බවට පත්ව තිබේ.  කොහොම වුනත් මේ වනවිට නාඩගම් කාරයෝ ටෙලිනාට්‍ය විකාශනය වෙලා අවසන්, ඉතින් දැන් අපි කතා කරන්න සුදානම් වෙන්නේ මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත සරාගේ සුදු චූටි එක්ක ටිකක් කතා කරන්න, ඇය තමයි ජනප්‍රිය නිලි සෙනාලි ෆොන්සේකා,

සෙනාලි මේ වනවිට ඉන්නේ ලංකාවේ නෙවෙයි නේද, දැම්ම ලංකාවට එන්නේ නැද්ද? ‘දැන්ම එන්න වෙන්නේ නෑ තව ටික කාලයක් එංගලන්තයේඉන්නවා, තාත්තා නැති වුනාට පස්සේ මෙහෙ ගෙවල් දොරවල් බලන්නත් බැරි වුනා. අම්මත් ටිකක් අසනීපෙන් නේ ඉන්නේ ඒ නිසා වැඩ ටිකක් ඉවර වුනාම ලංකාවට එන්න තමයි ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ”

සෙනාලි ඔයාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් එහෙමත් එංගලන්තෙට ආවම වැඩිපුර ගෙනියනවද ? ”අනිවාර්යෙන්ම, ලංකාවට අලුතෙන් එන විලාසිතා ගොඩක් මාස ගානකට කලින් එංගලන්තෙට එනවා. ඒකා ගොඩක් සාමාන්‍ය දෙයක්, රටවල් දෙකක හිටියත් කොච්චර විලාසිතා දැක්කත් මම හැමදාම විලාසිතා කරන්නේ තෝරාබේරාගෙන, මට ගැලපෙන දේවල් විතරයි මම කරන්නේ”

විලාසිතා වලින් කෙනෙක් මනින්න පුලුවන්ද ? ”කීයටවත් බැහැ, උදාහරණයක් විදියට රංගන ශිල්පිනියක්ම ගන්නකො ඉතින් ඇයගේ වෘත්තීය අනුව එයාට එක එක විලාසිතා කරන්න වෙනවා. ඉතින් ඒ වගේ අවස්තාවක ඇඳුමකින් කෙනෙක් මනිනවා කියන එක ලොකු අසාදාරනයක්. කොටට ඇන්දා කියලා ඇඟ පොඩ්ඩක් පේන ඇඳුමක් ඇන්දා කියලා එයා නරක කෙනෙක් කියලා අපිට එයාව හංවඩු ගහන්න බෑ, අපි මිනිස්සු මනින්න ඕන ගතිගුණ වලින්”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *