‘මට කෙනෙක්ට හිත ගියොත් මම කෙලින්ම ගිහින් ඒ කෙනාට ඒක කියනවා’ – බිලේෂා විජේරත්න

ලංකාවේ ටෙලිනාට්‍ය කලාව වෙනත්ම පැත්තකට අරගෙන ගිය අපූරු කතා තේමාවක් සහිත ටෙලිනාට්‍යක් තමයි ‘කූම්බියෝ’ කියන්නේ, සීමිත කොටස් සංඛ්‍යාවක් සහිත මේ නාට්‍ය අසීමිත විදියට ලංකාවේ ජනප්‍රිය වුනා ඒ වගේම මේ නාට්‍යයේ හැමෝම වගේ ආදරේ කරපු චරිතයක් තමයි ප්‍රියන්ත මහඋල්පතගම කියන්නේ, ඉතින් මේ ප්‍රියන්ත ආදරේ කරපු සුදු නංගි ඔබට අමතක වෙන්න විදියක් නෑ, එදා සුදු නංගි කියන චරිතයට පන පෙව්වේ දක්ෂ රංගන ශිල්පිනියක වන බිලේෂා විජේරත්න විසින්. ඉතින් කාලයක් වැඩිය පෙන්න හිටියේ නැති බිලෙෂා එක්ක ටිකක් කතා කරන්න ඕන කියලා අපිට හිතුනා.

බිලේෂා මේ දවස්වල විකාශනය වන වීදුරු මල් නාට්‍යට සම්බන්ද වෙලා ඉන්නවා නේද ඇයි කාලයක් රංගනයට සම්බන්ද වුනේ නැත්තේ ”ඔව් අවුරුදු එක හමාරකට පස්සේ තමයි මම ටෙලිනාට්‍යකට සම්බන්ද වුනේ. විශේෂ හේතුවක් තිබ්බෙත් නෑ, පහුගිය කාලයේ ගෙදරම තමයි හිටියේ, දැන් නම් මම ජොබ් එකකුත් කරනවා, ඒ නිසා ඉන්න ස්ථානය මාරු වුනා, විශේෂම හේතුව ඒක. හැබැයි කෙටි චිත්‍රපට වගේම වෙබ් සීරියස්වල රඟපාන්න මට අවස්තාව හිමිවුණා. පහුගිය කාලේ වේදිකා නාට්‍යකුත් කළා”

අද වෙනකොට බෙලේෂා ඔයාගේ ජීවිතේ වෙනස් වෙලා තියෙන්නේ කොහොමද ? ”අනේ එහෙම විශේෂ වෙනසක් නෑ. හැබැයි කැම්පස් එකෙන් අවුට් වෙලා දැන් ජොබ් එකක් කරන නිසා ටිකක් කාර්යබහුල වෙලා වගකීම් වැඩිවෙලා. මම රස්සාව කරන්නේ කොළඹ නිසා අම්මත් මගේ තනියට මෙහෙ ඉන්නවා. තාත්තා ඉන්නේ රත්නපුරේ ගෙදර. අයියා දැන් විවාහ වෙලා කෑගල්ලේ ඉන්නේ, අක්කාත් විවාහ වෙලා වත්තල ඉන්නේ”

බිලෙෂා කියන්නේ ගොඩක් ලස්සන රංගන ශිල්පිනියක් නේ ඉතින් කොහොමද ඔයාට එන ආදර යෝජනාවලට ප්‍රතිචාර දක්වන්නේ ”මෙහෙමයි පාසල් කාලයේ මගෙන් කවුරු හරි ඒ වගේ දෙයක් ඇහුවොත් මම කරන්නේ එයාගේ මුණවත් බලන්නේ නැතිව ඉන්න එක. හැබැයි මම පස්සේ තේරුම් ගත්තා එහෙම කරන එක හරි නෑ කියලා. දැන් එහෙම යෝජනාවක් ආවොත් මම ඒක ඒ කෙනාට තේරුම් කරලා දෙනවා. මොකද මම කාටවත් බොරු බලාපොරොත්තු දෙන්න කැමති නෑ, හැබැයි මට කෙනෙක්ට හිත ගියොත් මම එයා අහනකල් ඉන්නේ නෑ කෙලින්ම ගිහින් එයාට ඒක කියනවා, ඒ මගේ හැටි”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *